ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    මහජන නියෝජිතයන් වශයෙන් අපි ඡන්දය සඳහා සූදානම් වෙනවා - කැබිනට් ප්‍රකාශක

    දෙසැම්බර් 20, 2022

    මහජන නියෝජිතයන් වශයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තමා ඇතුළු පිරිස ඡන්දය සඳහා සූදානම් වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව පැවසුවේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    පොහොට්ටුව පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහඅනෙකුත් පක්ෂ සමග සන්ධානගත වීමෙන් ඡන්දය සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් ලැබී ඇතැයිද ඒ අනූව නාමයෝජනා භාරගැනීම සඳහා අවශ්‍ය ආකෘති පත්‍ර බෙදාදී නාමයෝජනා ලබාදීමට ලංකාව පුරාම කටයුතු සූදානම් කර ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

    ඡන්දය සඳහා නාමයෝජනා ලබාදීමට නාමයෝජනා මණ්ඩල පත්කර එම කටයුතු කිරීම සඳහා පක්ෂ යාන්ත්‍රණ සම්පූර්ණයෙන්ම මෙම දිනවල සති අන්තයේ ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya