රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ ඒ මහතා මේ බව පැවසුවේ කැබිනට් තීරණ ප්‍රකාශයට පත්කරමිනි.
වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව, ඵලදායිව ඉටුකිරීමට හැකි වන පරිදි මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් වැඩි දියුණු කර ඇති බවත්, ඒ අනුව නව ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතක් ඉදිරි වර්ෂයේ දී සම්මත වීමට නියමිත බවත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් හා කරුණු දැක්වීමට ඇත්නම් ඊළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ බව ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.