ඔහු මේ බව පැවසුවේ, අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
එම තීන්දුව ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට පූර්ණ අයිතියක් ඇතැයිද, මෙය සාම්ප්‍රදායික විශ්ව විද්‍යාලයක් නොවන බවද කියාසිටි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විශ්ව විද්‍යාලයේ නමින්ම මෙය පාළි හා බෞද්ධ විශ්ව විද්‍යාලයක් බවද පිහිටුවා ඇත්තේ සාමාන්‍ය විශ්ව විද්‍යාල පනතින් නොව පාළි හා බෞද්ධ පනත නමින් විශේෂ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් බවද කියා සිටියේය.
බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලයේ ඇතිවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල විෂය භාර අමාත්‍යවරයා වන සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව වාර්තාවක් ඉදිරිපත් කළ බවද එම වාර්තාව සලකා බලා විශ්ව විද්‍යාල පිහිටුවීමේ අරමුණු හා පරමාර්ථ වලට පටහැනිව කටයුතු කරන තත්ත්වය පිළිබඳව සහ එය වැළැක්වීමට කැබිනට් මණ්ඩලයට තීරණය කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
පාළි හා බෞද්ධ විශ්ව විද්‍යාලයට සාමාන්‍ය විශ්ව විද්‍යාලයක තියෙන ප්‍රචණ්ඩත්වයන් සහ අනෙකුත් දේ ආදේශ කිරීමට හැකියාවක් නැතැයිද එය ශාසනික උන්නතිය සඳහා විශේෂ පනතකින් පිහිටුවා ඇති ආගමික විශ්ව විද්‍යාලයක් බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.