ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගැනීමට රජයේ ප්‍රමුඛ අවධානයක් යොමු වී තිබෙනවා

    දෙසැම්බර් 20, 2022

    විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගැනීමට රජයේ ප්‍රමුඛ අවධානයක් යොමුවී ඇති බවත්, ඒ සඳහා රජයක් ලෙස කළ හැකි සියලු දේ සිදුකරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ ඒ මහතා මේ බව පැවසුවේ, විෂ මත්ද්‍රව්‍ය නැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

    විෂ මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා  මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බවත්, නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී පැවසීය.

    මේ වන විට  අයිස් නැමැති මත්ද්‍රව්‍යයක් වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන බවත්, විශේෂයෙන් ශිෂ්‍ය ප්‍රජාව අතරේ මෙම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වී ඇති බවත්, ඒ මහතා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක්  කැඳවා මෙම කාර්ය සාධක බලකාය මගින්  විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද කීය.

    මෙම තිබෙන තත්වය සම්බන්ධයෙන් ජනතාව, විශේෂයෙන් දෙමව්පියන් සහ දරුවන් දැනුම්වත් කිරීම  වැදගත් බවත්, විශේෂයෙන් පෞද්ගලික මාධ්‍ය මෙම ජාතික අර්බුදය තේරුම් ගෙන ඒ සඳහා දැනුම්වත් කිරීම සඳහා විශේෂ වේලාවක් වෙන්කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම උදෙසා මාධ්‍යට ස්තුති කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya