විදේශගත වීමේ දී ණය පහසුකම් ලබා දීම, පුහුණුව ලබා දීම ඇතුළු නොයෙක් ක්ෂේත්‍ර හා මානව සම්පත කළමණාකරණය කිරීම ඇතුළු රැකියා වෙළෙදපොළ සම්බන්ධයෙන් ආරම්භයේ සිට අවසානය දක්වා සියලු ප්‍රශ්නවලට එක තැනකින් විසදුම් ලබා දෙන වැඩපිළිවෙලක් ලෙස ග්ලෝකල් ෆෙයා ලෙසින් ගාල්ලෙන් ආරම්භ වූ මෙම වැඩසටහන මඟින් ඊළග අදියර ග්ලෝකල් ෆෙයා 2023 ආරම්භක වැඩසටහන යාපනය නගරයේ දී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන බව හෙතෙම පැවසීය.
ග්ලෝකල් ෆෙයාර් 2023 සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය;
“ග්ලෝකල් ෆෙයා 2022 එක්ක අපි ගාල්ලට ගිහින් ගාල්ලේ තරුණ තරුණියන් දේශීය හා විදේශීය රැකියා සඳහා යොමු කරන ගමන් කම්කරු හා සේවක අර්ථසාධක අරමුදල් පිළිබද ප්‍රශ්න ඇතුළු කම්කරු ක්ෂේත්‍රයේ පැන නගින සියලු ම කරුණු කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන්නා.
එහි දී ජාත්‍යන්තර රැකියා වෙළෙදපොළ හදුන්වා දීම, කම්කරු ප්‍රශ්න නිරාකරණය ඇතුළු කොළඹ කේන්ද්‍රීය සියලු සේවාවන් උතුරේ ප්‍රධාන නගරය වන යාපනයේ දී ඉටුකර දීමටත්, ඒ කාලසීමාව තුළ ඉදිරිපත් කරන සියලු ප්‍රශ්න විසදන්නත් බලාපොරොත්තු වෙනවා. උතුරුකරයේ ජනතාවට කොළඹ කේන්ද්‍රීය මේ සියලු සේවාවවන් සියල්ල ම යාපනේ නගරයේ දී ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි. එමෙන්ම, මෙම වැඩසටහන සදහා ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර ආයතන, ජාත්‍යන්තර රැකියා ආයතන, වඩා වැඩි ඉඩකඩ, පුළුල් අවස්ථා සහ පහසුකම් රැසක් සපයා දීමටත්, විශේෂයෙන් ම මේ අවස්ථාවේ දී මතු වී ඇති මිනිස් වෙළෙදාම් පිළිබඳ කරුණු, නිවැරදි ආකාරයට විදේශගත වීම පිළිබද දැනුම ඇතුළු උතුරේ ජනතාවට අවශ්‍ය සහය, දකුණේ තියෙන ආදරය සහ ළෙංගතුකම සමග ලබා දීමටත් කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.