ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, වාණිජ විෂය ධාරාව හදාරන අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් වෙනුවෙන් අමත්‍යවරයාගේ සංකල්පයක් පරිදි ආරම්භ කරන ලද වැඩමුළු මාලාවේ පළමුවැන්න (19) තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයීය පාසැල් පරිශ්‍රයේදී පැවැත්වූ අවස්ථාවේ දී ය.
පොත්පත් වල දැනුම මෙන්ම අත්දැකීම්ද ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වනවා මෙන්ම, සෑම ක්ෂේත්රයකටම අධ්‍යාපනය හා දැනුම විහිදුවා ගැනීම මෙන්ම, අත්දැකීම් තුළින් ලැබෙන ප්‍රායෝගිකත්වය ජීවිතයේ ඉදිරි ගමනට බව සඳහන් කළ අමාත්‍යවරයා වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වශයෙන්, රාජ්‍ය අංශයේ නිළධාරීයෙකු වශයෙන් මෙන්ම සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස ද වසර 12 ක් තිස්සේ ලද අත්දැකීම් සම්භාරය වත්මන් වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී බෙහෙවින් ඉවහල් වන බව ද සඳහන් කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, උපතේ සිට මරණය දක්වා මිනිසුන් පාරිභෝගිකයන් බවට පත් වන බවත්, වාණිජ විෂය ධාරාව සෑම දෙනෙකුටම ජීවිතයේ අත්‍යාවශ්‍ය විෂයයක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කරන ලදී.
එමෙන්ම, දරුවන්ගෙන් පටන්ගෙන හොද වෙළෙඳ ප්‍රජාවක් බිහිකර ගත හැකි බවට විවිධ ලෝක සංවිධාන මඟින් දක්වා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී. වත්මන් අධ්‍යාපනය ක්‍රමය තරඟකාරී හා පීඩාකාරී බවත්, සහයෝගය තුළින් ඉදිරියට යාම වැදගත් බවත් සඳහන් කරන ලදී. රාජ්‍ය සේවය රටට විශාල බරක් බවට පත්වී ඇතැයි බොහෝ දෙනා මැසිවිලි නැගුව ද, රාජ්‍ය සේවය තුළින් නිසි ආකාරයෙන් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දෙනවා නම් එය රටට බරක් නොවන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
අතීතයේ පටන් ලංකාවේ පැවැති ශ්‍රී ලංකාවට ආවේණික ආහාර සංස්කෘතිය කෙටි ආහාර සංස්කෘතිය හේතුවෙන් අහිමි වූ බවත්,මව්වරුන්ගේ කාර්බහුලත්වයද ඊට බලපෑ බවත් සඳහන් කළ අමාත්‍යවරයා මන්දපෝෂණ තත්වය නැති කිරීමටත්, සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහි කිරීම සඳහාත් නැවත පැවැති දේශීය ආහාර සංස්කෘතිය රට තුළ ඇති කිරීමත්, එය රැක ගැනීමත් ලොකු කුඩා සියලු දෙනාගේ
වගකීම බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහි දී සිසුන් වෙනුවෙන් ආර්ථිකය සඳහා අපයනය වල වැදගත්කම, නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ අනාගත සැළසුම්, පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුුතු පිළිබද අධිකාරියේ කාර්යභාර්ය, අපනයන සංවර්ධන මණ්ඩලය මූලික අපනයන ක්‍රියාවලිය, අපනයන වෙළෙඳපොළ හදුන්වා දීම, අපනයන වෙළෙඳපොලට ඇතුල් වීම,නීතිමය අවශ්‍යතා සහ වෙළෙඳ අවස්ථා හා ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ හා පාරිසරික ස්ථායීතාව සඳහා ප්‍රතීතන මණ්ඩලයේ කාර්යභාරය සම්බන්ධයෙන් සිසුන්ට දේශණ ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ක්‍රිස්තුරාජ විද්‍යාලයේ විදුහල්පති ගරු බී.කේ.එන්.එස් රොද්රරිගෝ පියතුමා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති-ශාන්ත නිරිඇල්ල, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්
කාන්ති ගුණවර්ධන, පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්යක්ෂ/බස්නාහිර පළාත් සහකාර අධ්යක්ෂ- දයා සමරකෝන්, පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ෂණ නිළධාරී-රංජිත් වීරවර්ධන, උදාර නානායක්කාර, වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ-ඇලෙක්සි ගුණසේකර,අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ-ඩී.එම්.පී දිසානායක, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අධ්යක්ෂ-ආචාර්ය සම්පත් වාහල සහ ශිෂ්‍යශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් සහභාගී විය.