ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව පිරිනැමේ

    දෙසැම්බර් 21, 2022

    දියුණු මාධ්‍ය සම්ප්‍රදායක් උදෙසා අන්තර්ජාතික මට්ටමේ වරලත් ජනමාධ්‍ය ආයතනයක් නියත වශයෙන්ම පිහිටුවනවා- ජනමාධ්‍ය අමාත්‍ය

    දැනුම ප්‍රාග්ධනය බවට පත් වන ලෝකයක ජනමාධ්‍යවේදීන්ට විෂයානුබද්ධව සහ අනිකුත් සමාජීය, ආර්ථික,සංස්කෘතික කටයුතු පිළිබඳ දැනුම වැඩි වශයෙන් ලබන්නට අවස්ථාව සැළසෙන විට එම සමාජය වඩා යහපත් හා ප්‍රබුද්ධ කිරීමේ හැකියාව ජනමාධ්‍යවේදීන්ට ලැබෙන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    වෘත්තිය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අද (21) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කළේය.

    එමෙන්ම, දියුණු මාධ්‍ය සම්ප්‍රදායක් උදෙසා වන විවිධ ක්ෂේත්‍ර වල විද්වතුන්ගෙන් සමන්විතව ස්වාධීන වූ අන්තර්ජාතික මට්ටමේ වරලත් ජනමාධ්‍ය ආයතනයක් ලබන වසරේ දී නියත වශයෙන්ම පිටුවන බවත්, ඒ සම්බන්ධව මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් සකස් වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් අවධාරණය කළේය.

    විසි එක්වන සියවසේ අභියෝගයට මුහුණ දෙනු වස් මාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා මඟින් තම වෘත්තීය කුසලතා වර්ධනා කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සලසා දීම හා උනන්දු කරවීම “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනේ අරමුණයි. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් පත් කරනු ලබන තේරීම් කමිටුවක් විසින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ප්‍රතිලාභීන් තෝරා ගනු ලැබිණි.

    මෙවර ශිෂ්‍යත්වයට අයදුම්කළ ජනමාධ්‍යවේදීන් අතරින් අදාළ සුදුසුකම් ලැබූ සියලුදෙනා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව මෙවර ජනමාධ්‍යවේදීන් 49 දෙනකු සඳහා
    ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අද (21) සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න යන මහත්වරු සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya