ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    මහවැලි දිය උල්පත් සංරක්ෂණයට 2023 වසරේදී පැල 250,000 ක්

    දෙසැම්බර් 22, 2022

    මහවැලි අධිකාරිය මගින් 2023 වසරේ දී ජලාධාර සංරක්ෂණය සදහා පැල 250,000 ක් සිටුවීමට අපේක්ෂා කර තිබේ. 

    සීඝ්‍රයෙන් සිදුවන වන විනාශයත් සමග සමස්ත ජල උල්පත් සිදියාමේ තර්ජනයකට ලක් වී ඇති මොහොතක මහවැලි කලාපයේ ජල උල්පත් සංරක්ෂණය සදහා විශේෂ වැඩපිළිවෙලක් ලෙස 2023 වසරේ දී පැල 250,000 ක් සිටුවීමට අපේක්ෂා කර ඇත.

    මේ සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4.70 කි. එමගින් මහවැලි කලාපය මුහුණදෙන දිය උල්පත් සිදීයාමේ තර්ජනය ඉදිරි වසර කිහිපයකින් පසු අවම කර ගැනිමේ හැකියාවක් පවතියි.

    මීට අමතරව මීටර 18,000 ක ප්‍රමාණයක ජලපෝෂක සංරක්ෂණය සඳහා පාංශූ සංරක්ෂණය සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර ඒ සදහා රුපියල් මිලියන 1.50 ක මුදලක් වෙන්කර ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya