ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ඉන්ධන ලීටර් මිලියන 6.98ක් ශ්‍රී ලංකාවේ වී වගාවේ නියුතු ගොවිජනතාවට

    දෙසැම්බර් 23, 2022

    චීන රජය මෙරටට ලබා දී ඇති ඉන්ධන ලීටර් මිලියන 10.06න් ඉන්ධන ලීටර් මිලියන 6.98ක් ශ්‍රී ලංකාවේ වී වගාවේ නියුතු ගොවිජනතාවට සහනයක් ලෙස ලබා දීමට තීරණය කරන ලද බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    චීන රජයෙන් ලැබුනු සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි කොටස මෙරට ධීවර කටයුතු සඳහා ලබා දීමට නියමිතය.

     ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ඉන්ධන තොගය ලංකාවට ලැබී තිබේ.

    කෙසේ වුවද කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ලබා දුන් ඉන්ධන ලීටර් මිලියන 6.98 වී වගාවේ නියුතු ගොවි ජනතාව අතර බෙදා දීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සමග සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

    ඒ අනුව මෙම ඉන්ධන ප්‍රමාණය මාස් කන්නයේ වී අස්වනු නෙළාගන්නා අවස්ථාවේ ලබා දීමට තීරණය කරනු ලැබීය. එසේම මෙම ඉන්ධන තොගය හෙක්ටෙයාර් 01කට අඩු වී වගා කරන සෑම ගොවි මහතෙකුටම ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඉන්ධන බෙදාහැරීම ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද ඛනිජතෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් මගින් සිදු කෙරේ.

    මේ වනවිට දිවයිනේ වී වගා කළ සියලුම කුඹුරු නිසි කළට පොහොර යෙදීම නිසා සාරවත්ව තිබෙන බව මෙම සාකච්ඡාවේ දී නිලධාරින් පෙන්වා දුන්නේය. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එම තත්ත්වය වාර්තා වන බවත්, ඒ අනුව ස්වාභාවික ආපදාවක් සිදු නොවුනහොත් මෙම මහකන්නයේ අපේක්ෂිත වී අස්වැන්න ඉළක්කය ලබා ගත හැකි බවද එම නිලධාරින් පවසා ඇත.

    කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ද සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya