එමගින් බීජ නිෂ්පාදනය, වී නිශ්පාදනය , මහවැලි පොහොර , අතිරේක බෝග නිශ්පාදනය , පලතුරු හා එළවලු නිශ්පාදනය සිදු කෙරේ.
මහවැලි අධිකාරිය මගින් මහවැලි ජනපදවාසී ජනතාවගේ ජිවන තත්වය නංවාලීමේ අරමුණ සහිතව නව කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත.මේ යටතේ ගොවීන් සමග මහවැලි ගොවිපලවල ගුණාත්මක බීජ නිශ්පාදනය සහා වාණිජ බීජ නිෂ්පාදනය සිදු කිරිම සදහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇත.
ආනයන සීමා පනවා ඇති අතිරේක බෝග නිෂ්පාදනය කිරිම, මහවැලි කලාපය තුල අපනයන බෝග නිශ්පාදන ගම්මාන පිහිටුවීම සදහා අවශ්‍ය සියලු කටයුතු ද සැලසුම් කර ඇත.
තව ද ගෙවතු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, වී ඵලදායිතාවය වැඩි කිරිම සදහා අවශ්‍ය කටයුතු සැකසීම, පොලිතින් ගෘහ, වැසි ආවරණ ගෘහ , සුහුරු ගොවිපලවල ආදීය දේශගුණයට ඔරොත්තු දෙන සහ SMART පැකේජයන් සදහා අනුගත කිරිමේ වැඩසටහන් ,ඒකාබද්ධ ශාක පෝෂක කළමණාකරන වැඩසටහන් ආදීය ද මෙමගින් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරනු ලබයි.
කාබනික පොහොර නිශ්පාදන භාවිතය වැඩිදියුණු කිරිමේ වැඩසටහන් හා කෘෂිකර්ම පුහුණුව, පර්‍යේෂණ වැඩසටහන් ආදී වැඩසටහන් රාශියක් ඉදිරි වසර තුල ක්‍රියාත්මක කිරිමට කටයුතු සූදානම් කර ඇත.
මේ සදහා ආයෝජිත මුලු මුදල රුපියල් මිලියන 2,621.40 ක් වන අතර මහවැලි ජනපදිකවාසී 667,737 කට මෙමගින් ප්‍රතිලාභ සැලසේ .