ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආයතන ඇගයීම් ක්‍රියාවලිය විධිමත් කිරීමට විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ දී

    දෙසැම්බර් 23, 2022

    රාජ්‍ය ආයතනවල ඇගයීම් ක්‍රියාවලිය වඩාත් පුළුල් කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ සභාවට (කෝපා කමිටුවට) සහය දැක්වීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කෝපා කමිටු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

    කෝපා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා ඇගයීම් සංගමය ( Sri Lanka Evaluation Association / SLEvA) සම්පත් දායකත්වය ලබාදීම සිදුවිය.

    ජාතික ඇගයීම් පනත් කෙටුම්පතේ මූලික කටයුතු අවසන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.

    එසේම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමේදී ඇගයීම් ඒකකයක් සථාපිත කිරීමට ඇති හැකියාව පිළිබදව ද කරුණු ඉදිරිපත් විය. ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

    විධිමත් ජාතික ඇගයීම් ක්‍රියාවලියක අවශ්‍යතාව අවධාරණය කළ කෝපා සභාපතිවරයා මෙහිදී පවසා සිටියේ මෙම වැඩසටහන මූලික සාකච්ඡාවක් බවත් ඉදිරියේදී වඩාත් පුළුල් ලෙස මේ පිළිබදව සාකච්ඡා කොට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට අපේක්ෂා කරන බවයි.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , මේජර් ප්‍රදීප් උදුගොඩ, වසන්ත යාපා බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, මහාචාර්ය චරිත හේරත් සහ ආචාර්ය හරිනි අමසූරිය යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක යන මහත්වරුද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා ලේකම් කාර්යාලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya