ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියානු රජය ශ්‍රී ලංකා පොලීසියට ජිප් රථ ප්‍රදානය කරයි

    දෙසැම්බර් 23, 2022

    ඉන්දියානු රජයේ සහනදායි ණය ක්‍රමය යටතේ ශ්‍රී ලංකා පොලීසිය වෙත ජිප් රථ 500ක් ලබාදීමට පියවර ගෙන ඇත.

    එයින්, ජීප් රථ 125ක් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ඊයේ (22) සංඛේතාත්මකව ලබාදුන්නේ ය.

    මෙම ජිප් රථ ඉදිරියේ දී දිවයිනේ පොලිස් ස්ථාන වෙත ලබාදීමට නියමිතය.

    මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටි ආරච්චි, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න,ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන ) නන්දන මුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya