ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    සීෂෙල්ස් රැකියාවකට ඕමානයේ සංචාරක වීසා මඟින් කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සාහ දෑරූ ඒජන්සියට වැඩ වරදී

    දෙසැම්බර් 23, 2022

    සීෂෙල්ස් රාජ්‍යයේ රැකියාවක් සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන අයෙකු ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිකර කූට අයුරින් සංචාරක වීසා මගින් ඕමාන් රජයේ ගෘහ සේවයට කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සහ කළ ඒජන්සි ආයතනයක හිමිකාරිනිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම කාන්තාව විදේශගත වීම සඳහා ගුවන්තොටුපලට ගිය අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිළධාරීන් විසින් ඇයගේ ලියාපදිංචිය පරික්ෂා කිරීමේදී ඇය සතුව සීෂෙල්ස් රාජ්‍යයට නිකුත් කළ රැකියා විසා පතක් සහ ඕමාන් රාජ්‍යයට නිකුත්කළ සංචාරක විසා පතක් තිබී හමුවී ඇත.

    ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගෙන ඇත්තේ මෙම ඒජන්සි ආයතනය මැදිහත්වී ලේඛන සකස්කර ඒජන්සි ආයතනය වගකීමෙන් බැහැරවී මෙම කාන්තාව පුද්කලිව ගෙන්වාගත් විසාපතකින් ලියාපදින්චි වනසේ පෙනීයන අයුරින් පුද්කලිව ලියාපදිංචිය ලබාගැනීමට සළස්වා ඕමාන් රාජ්‍ය සඳහා වූ සංචාරක විසාපත මගින් ඕමාන් රාජ්‍යයට විදේශගත කිරීමට සැලසුම් කර තිබී ඇති බවයි.ඉන් පසු විදේශ ගතවීම වළකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් වෙත යොමු කර ඇත.

    සිද්ධියට අදාළ ඒජන්සි හිමිකාරිය ප්‍රකාශයක් ලබාගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන 2022.12.22 දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 2 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර මෙම නඩුව නැවත 2023 ජුලි මස 6 දින කැඳවීමට නියමිතය.

    මේ අතර සංචාරක විසා පතක් කූට ලෙස රැකියා විසාපතක් සේ වෙනස්කර ඔමාන් රාජ්‍යයේ ගෘහසේවය සඳහා කාන්තාවක් විදේශ ගතකිරීමට උත්සකල තවත් විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඒ පිළිබඳ විමර්ශන සිදු කරමින් පවතී .
    මෙම සිද්ධි පිළිබඳ අවධානය යොමු කළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යය මනුෂ නානායක්කාර මහතා විමර්ශනයකර අදාල ඒජන්සි ආයතන බලපත්‍ර අවලංගු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතාට දැනුම් දී ඇති අතර මෙවැනි ආයතන වලට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya