සෞඛ්‍ය සහ ජල සම්පාදන ගරු අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රබුක්වැල්ල මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු මෙම වැඩපිළිවෙල යටතේ රෝහල් හමුදා කඳවුරු විශ්වවිද්‍යාල වැනි නේවාසික පිරිස් වැඩි වශයෙන් සිටින ආයතන වල මේ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් සහ සේවක පිරිස් ඉලක්ක කොටගෙන මෙම පාඨමාලාව ආරම්භ කර ඇත.
මෙයට අමතරව ජල සම්පාදන හා සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාසැල් හැරගිය තරුණ තරුණියන්ට ද පාඨමාලාව සඳහා එක්වීමට අවස්ථාවක් උදා කරදීම මෙම වැඩපිළිවෙළේ තවත් මූලික අරමුණකි.මෙම වැඩපිළිවෙල නිලවශයෙන් ආරම්භ කිරීම සදහා වන අවබෝධතා ගිවිසුම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු තිළිණ විජේතුංග මහතා සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති මේජර් ජනරාල් මිලින්ද පෙරේරා මහතා විසින් අත්සන් තබන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජල සම්පාදන ගරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
මෙම පාඨමාලා ලබන ජනවාරි මුල සිට ආරම්භ කිරීමට ජල සම්පාදන මණ්ඩලය සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය කටයුතු සැලසුම් කර ඇත.