ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    නෙත් ප්‍රවෘත්ති ප්‍රධානිගේ නිවසේ භාණ්ඩ සොරා ගත් සැකකරු පොලිස් අත්අඩංගුවට

    දෙසැම්බර් 23, 2022

    ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති ප්‍රධානියකු වන ( නෙත් එෆ් එම් හී ) හේමන්ත කහවලගේ මහතාගේ පානදුර පිහිටි නිවස කඩා රන්භාන්ඩ සොරකම් කළ පින්වත්තේ දමින්ද නැමති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.

    සැකකරු සතුව තිබූ රන් වලලු 4 ක්, අත් පළදනාවක්, පෙන්ඩන් 2 ක්, ලැප්ටොප් 2 ක් , ටැබ් 2 ක්, පවුම් තුනක උණුකළ රන් ගුලියක්, ජංගම දුරකථන 3 ක්, රුපියල් පනස්දහසක මුදලක් , ඉපැරැණි මුදල් නෝට්ටු කිහිපයක් , හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක්, නිවස බිදීමට යොදාගත් ස්කුරුප්පු නියනක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බවද පොලිසිය කීය.

    ඉකුත් 19 දා අලුයම පානදුර ප්‍රදේශයේ පිහිටි නිවසෙහි පිටුපස ජනේලය ස්කුරුප්පු නියනක් යොදා ගලවා ඇතුල්වී පහත මාලයේ අල්මාරියේ තිබූ රන් ආභරණ සොරකම් කළ බවට පානදුර උතුර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි .

    ඒ අනුව බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි කළුතර අපරාධ කොට්ඨාසය වෙත පරීක්ෂණ භාරදීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

    සිසිටිවි දර්ශන පරීක්ෂාවෙන් පානදුර උතුර පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හිරන්ත මහතා විසින් සැකකරු හදුනාගැනිමෙන් පසු, බුද්ධි කොස්තාපල් ප්‍රසන්න විසින් සැකකරුව පානදුර ප්‍රදේශයේදී පරීක්ෂා කොට ඔහු රැගෙන ආ ගමන් මල්ලේ තිබී වෙනත් ස්ථාන වලින් සොරකම් කල ලැප්ටොප් දෙකක්, ටැබ් එකක් සහ ජංගම දුරකථන 3 ක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් සොයාගෙන තිබේ.

    වැඩිදුර පරීක්ෂණ කිරීමේදී එම නිවසින් සොරකම් කල රන්වලලු 4 ක්, අත් පළදනාවක්, පෙන්ඩන් 2 ක්, පවුම් තුනක උණුකල රන් ගුලියල් සහ සොරාගත්‍ රණ්භාන්ඩ අලෙවි කිරීමෙන් ලබාගත් රුපියල් පනස්දහසක මුදලක්, පැරණි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු කිහිපයක් සහ ජනේලය කැඩීමට යොදාගත් ස්කුරුප්පු නියන සොයාගත් බව පොලිසිය කීය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

    ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , අධ්‍යක්ෂක (වැබ) සපොඅ ප්‍රදීප් ක්‍රිෂාන්ත , සපොඅ චන්ද්‍රා පත්මලාල් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් , උප පොලිස් පරීක්ෂක වරුන්වන මධුෂාන් , හිරන්ත , සැරයන් වරුන්වන ගුනේන්ද්‍ර (55301) , සමන්තිලක (41004 ) කොස්තාපල්වරුන් වන ප්‍රසන්න (69479) ජයසූරිය ( 69615 ) , පත්මකුමාර ( 88400) , අංංජුල ( 98857) පොකොරි ලසිත ( 80123) සහ සංකල්ප ( 89774) වැටලීමට එක්වූහ .

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya