ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව තිරසර සංචාරක කලාපයක් කිරීමට ජෛව විවිධත්වය,පරිසර පද්ධතිය සහ සංචාරක කර්මාන්තය අතර සහජීවනයක් ඇතිවිය යුතුයි

    දෙසැම්බර් 23, 2022

    ශ්‍රී ලංකාව තිරසර සංචාරක කලාපයක් බවට පත් කිරීමට ජෛව විවිධත්වය ,පරිසර පද්ධතීන් සහ සංචාරක කර්මාන්තය අතර සහජීවනයක් ඇතිවිය යුතු බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, ජෛවවිවිධත්වය සහ තිරසර සංචාරක කර්මාන්තය මැයෙන් කොළඹ, අද (23) පැවති අන්තර්ජාතික සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

    ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට ජෛව විවිධත්වය සහ පරිසර පද්ධතීන් ආරක්ෂා කරගත යුතු බවත් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අපරට විශාල පරාසයක පවතින ජෛව විවිධත්වය හේතුවෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    වන විනාශය , සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම ඇතුළු හේතූන් නිසා ස්වභාවික පරිසර තුලනයට බාධා ඇතිවන බව පෙන්වා දුන් ඒ මහතා, සතුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවත් මිනිසා සහ සතුන් අතර ගැටුම් ඇතිවීමට ප්‍රධාන කාරණය ලෙස සතුන්ගේ වාසස්ථාන අහිමිවීම පෙන්වා දිය හැකි බවත් අවධාරණය කළේය.

    සංචාරකයන් සතුන් නැරඹීමට කැමත්තක් දක්වන්නේ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවල දී පමණක් බව පෙන්වා දෙන ඒ මහතා, මේ වනවිට මාර්ග අසළ විශේෂයෙන් ම අලි දක්නට ලැබෙන බවත් මෙවැනි කාරණා ශ්‍රී ලංකාවේ තිරසර සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇතිකරන බවත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya