ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    යුරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

    දෙසැම්බර් 23, 2022

     ලෝක බැංකු ණය මුදලක් යටතේ මිල දී ගන්නා ලද යුරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවක් අද (23) කොළඹ වරායට සේන්දු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    මෙම පොහොර තොගය මැලේසියාවේ සිට මෙරටට ගෙන්වා තිබේ.

    මෙම පොහොර ගොවීන් වැඩිපුරම ඉල්ලන කැටිති වශයෙන් ( Granule) පවතින පොහොර බව පවසන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙවර මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සදහා ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දුන් බවත්, ඒ යටතේ යුරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් අවධාරණය කළේය.

    මින් පෙර මිල දී ගත් යුරියා පොහොර ප්‍රමාණයක් කැටිති වශයෙන් ( Granule) නොව Frill වශයෙන් ලැබී තිබේ. එම පොහොරවල ප්‍රමිතිය උසස් මට්ටමක පැවතියත් ගොවීන් එම පොහොර කැටීති වශයෙන් නොපැවතීම සම්බන්ධව සිය අප්‍රසාදය දක්වා ඇත. ඇතැම් දිස්ත්‍රික්කවලට බෙදා දී තිබු එම පොහොර තොග නැවතත් කැඳවීමට පියවර ගත් බවත්, ඒ වෙනුවට මෙම පොහොර තොගය අද සිට බෙදාහැරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබා දී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya