බතික් නිෂ්පාදන, අත් යන්ත්‍ර රෙදිපිළි, ඇඟළුම්, බෑග්, පාවහන්, තිර රෙදි, මේස රෙදි, ඇඳ ඇතිරිලි, ආභරණ වැනි නිෂ්පාදන රාශියක් 20% සිට 50% ක වට්ටම් සහිතව මිලදී ගැනීමට මෙම අළෙවි පොළ හරහා පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසුනි.
මීට අමතරව ලංකා BCC සමාගම, ලංකා සළුසල, ජාතික මෝස්තර මධ්‍යස්ථානය යන ආයතන වල නිෂ්පාදන හා උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක්ද සහනදායි මිලට ලබාගැනීමට මෙම අළෙවි පොළ මඟින් අවස්ථාව ලබාදී තිබුනි.
උත්සව සමයේදී තත්වයෙන් උසස් භාණ්ඩ සහනදායි මිලට මෙවැනි ජංගම අළෙවි පොළවල් මඟින් පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කිරීම වැදගත් බව මෙම අවස්ථාවට සහභාගි වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය. මෙම අවස්ථාවට හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් , අමාත්‍යාංශයේ නිලධාරීන්, පාරිභෝගික ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.