ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    දිස්ත්‍රික්ක 07ක වී වගා කරන අඩු ආදායම්ලාභී එක් ගොවිපවුලකට රුපියල් 15,000ක දීමනාවක්

    දෙසැම්බර් 27, 2022

    අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ආධාර මත දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල්සඳහා එක් පවුලකට රුපියල් 15,000ක දීමනාවක් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙම දීමනාව යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොණරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල්41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


    කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුදල එම දිස්ත්‍රික්කවල අඩුආදායම්ලාභී ගොවි පවුල්වෙත ලබා දෙන ලෙස USAID ආයතනය උපදෙස් ලබා දී තිබේ.

    මෙම මුදල වාරික දෙකක් යටතේ ලබන ජනවාරි මාසයේ දී ලබා දීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේය.


    එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 08ක මුදලක් දිවයිනේ වී වගා කරන ගොවිපවුල් ලක්ෂ 12කට ලබා දීමට කටයුතු කර තිබේ. රුපියල්10,000 සිට 20,000 දක්වා මුදලක් ගොවි ජනතාව වෙත ලබා දෙන අතර එහි පළමු අදියර යටතේ රුපියල් බිලියන 04ක් දෙසැම්බර් මස 31 දිනට පෙරඅදාල ගොවීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබේ. තවත් රුපියල් බිලියන 04ක මුදල ලබන ජනවාරි මාසය තුළ ගොවීන්ගේ ගිණුම්වලට බැරකරන බවද ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

     ඒ යටතේ හෙක්ටෙයාර් 01ක් දක්වා වී වගා කරන ගොවීන්ට රුපියල් 10,000ක මුදලක් ද, හෙක්ටෙයාර් 02 දක්වා වගා කරන ගොවීන්ට රුපියල් 20,000කමුදලක් ද ලබා දීමට නියමිතය.

     මෙම දීමනාවන් කිසිවක් ගොවීන්ගෙන් නැවත අය කිරීමට කටයුතු නොකරන අතර මෙම සියලුම ජාත්‍යන්තර ආධාර ගොවි ජනතාව වෙත නොමිලයේ ප්‍රදානවශයෙන් ලබා දෙන ලද ඒවා බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි. එසේම ගොවි ජනතාව සඳහා මෙතරම් සහන ප්‍රමාණයක් අන් කිසිදු වගා කන්නයක දී ලබාදී නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     මේ අතර ලබන යල කන්නයේ දී අක්කර භාගයට වඩා අඩු වී වගා කරන සෑම ගොවියෙකුටම යුරියා පොහොර මිටියක් බැගින් නොමිලයේ ලබා දීම සඳහාකටයුතු යොදා තිබේ. යුරෝපා සංගමය (EU) හා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය (FAO) ඒ සඳහා දායකත්වය ලබා දී තිබේ.

    --

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya