ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.
මෙම බස් නැවතුම්පොළ ඉදිකිරීම සදහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 94 කි. 2016 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි කොටසක ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ.
පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2020 වසරේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර 2022 වසරේ මැයි මාසයේදී එය අවසන් කර ඇත. උතුරු පළාත් සභාවට අයත් ඉඩමක මෙය ඉදිකර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග පසුගියදා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වූයේ කිළිනොච්චිය නව බස්නැවතුම්පළේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කොට ඇති අතර එය මෙතෙක් ජනතා අයිතියට පත් කර නොමැති බවයි. එහිදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේ කඩිනමින් මෙම නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන ලෙසයි. මෙම නව බස් නැවතුම්පොළ මාස ගණනාවක් තිස්සේ විවෘත නොකිරීම හේතුවෙන් මහජනතාව මේවන විට දැඩි අපහසුතාවයකට පත්ව සිටී.
පසුගිය කාලය තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින්
සිදු කළ ව්‍යාපෘති ද තාවකාලිකව නතර කිරීමට පියවර ගැනිණ. ලබන ජනවාරි මාසයේ සිට එම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට දැනටමත් ඇමතිවරයා බළධාරීන්ට උපදෙස් දී ඇත.