ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    රත්නපුර නගරය අංගසම්පූර්ණ නගරයක් කිරීමට ඩොලර් මිලියන 50ක්

    දෙසැම්බර් 27, 2022

    රත්නපුර නගරය අංගසම්පුර්ණ නගරයක් බවට පත්කිරිම සදහා අවශ්‍ය මුදල් ප්‍රමාණය වන ඩොලර් මිලියන 50ක මුදලක් ලැබී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර  මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා (26) කුරුවිට ප්‍රදේශයේ ඉදිකළ වෙළද සංකිර්ණ ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමිනි.

    සිය අමාත්‍යංශය හරහා එවන් නගර 4ක් දියුණු කිරිමටත් තවත් නගර 25ක් සංවර්ධනයටද වැඩපිළිවෙලක් දියත් කර ඇතැයිද එලෙස දියුණු කිරීමට කුරුවිට නගරයද තෝරා ගැනිමට තමා බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    නගරයක් දියුණු කල විට එහි වෙසෙන ජනතාවද එයින් ඵල ප්‍රයෝජන ලබන බවද කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ඉදිකරමින් පැවති මෙම ගොඩනැගිල්ල අංගසම්පුර්ණව වැඩ අවසන් නොකළත් ජනතාවට ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයට වැඩ අවසන් කරමින් මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම ජනතා අයිතියට පත් කිරිමට හැකි විම සතුටට කරුණක් බවයි.

    රත්නපුර නගර සභාවේ ඇති ගොඩනැගිල්ලට වඩා මෙම ගොඩනැගිල්ල විශාල බවත් එහි ඉතිරි වැඩ කටයුතු සදහා අවශ්‍ය රුපියල් ලක්ෂ 350 ක ඇස්තමේන්තු මුදල දේශිය ණය අරමුදලෙන් ලබා දිමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසුවේය.


    එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ , රටේ පළාත් පාලන ආයතන 341 තුළ 5800ක් පමණ සේවක පිරිසක් අවු.4- 5 කාලයක් සේවය කර මේ වනතුරුත් ස්ථිර නොකළ පිරිසක් සිටින බවයි. ඔවුන්ව හැකි ඉක්මනින් ස්ථිර කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවත් 15,000ක් පමණ අවු.45ට කලින් පත්විම් ගෙන අවු.45 පසුව ස්ථිර කල පිරිසක්ද සිටින බවත් ඔවුන්ට විශ්‍රාම වැටුපක් හිමි නොවන බවත් පැවසිය.එම පිරිසගේ ගැටලුවටත් විසදුමක් හැකි ඉක්මනින් ලබා දිමටත් 32,000ක් පමණ රැකියා ලක්ෂය මගින් රාජ්‍ය සේවයට බදවා ගෙන ඇති බවද එයින් 12,669ක් ජනවාරි මාසයේ පළාත් සභා ආයතනවල ස්ථිර කිරිමටත් ඉතිරි 18,000 ද සෑම අමාත්‍යංශයකම පුරප්පාඩු තිබෙන ආකාරයෙන් පත්විම් ලබා දිමට කටයුතු සකස් කරමින් සිටින බව එතුමා වැඩිදුරටත් පැවසිය.

    මෙම අවස්තාවට සබරගමු පළාත් ආණ්ඩුකාරතුමා,හිටපු අමාත්‍ය රංජිත් බණ්ඩාර,සභාපති,උප සභාපති,ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්,ප්‍රාදේශිය ලේකම්තුමිය සහභාගි වුහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya