ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    මෙට්‍රික් ටොන් 60,000ක ගල් අඟුරු රැගත් පළමු නෞකාව ජනවාරි 5දා ශ්‍රී ලංකාවට

    දෙසැම්බර් 27, 2022

    2023 වසරේ මෙට්‍රික් ටොන් 60,000ක ගල් අඟුරු රැගත් පළමු නෞකාව ජනවාරි 5 වැනිදා ද දෙවන නෞකාව ජනවාරි 09වැනිදා ද තෙවන නෞකාව ජනවාරි 13වැනිදා ද ලංකාවට ළගා වීමට නියමිත බවත් ජනවාරි මස 02 දාට පසුව ගල් අඟුරු සංචිත අවසන් වන බවට යන ප්‍රචාර අසත්‍ය බව ද විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

     

    අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ , ලක්විජය ගල් අඟරු බලාගාරයේ ප්‍රධාන නිළධාරින්ගේ නිගමනය වූයේ 2023 වසරේ ජනවාරි මස 8 වැනිදා වන තෙක් ගල් අඟුරු සංචිත ඇති බවත් දැනට භාවිතා කරන විදුලි ජනන පද්ධති දෙක විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් බවත් ය.

    2023 වසරේ මෙට්‍රික් ටොන් 60,000ක ගල් අඟුරු රැගත් පළමු නෞකාව ජනවාරි 5 වැනිදා ද දෙවන නෞකාව ජනවාරි 09වැනිදා ද තෙවන නෞකාව ජනවාරි 13වැනිදා ද ලංකාවට ළගා වීමට නියමිත බව පැවසු අමාත්‍යවරයා, 2023 ජනවාරි මාසයේ 31වනවිට ගල් අඟුරු නෞකා 07ක් ලබා ගැනීමට උත්සහ කරන බවද කීය.

    විදුලි බිල සංශෝධනය සිදු නොකරන්නේ නම් පැය කිහිපයක විදුලි කප්පාදුවකට ජීවිතය හදාගැනීමට සිදු වන බව අමාත්‍යවරයා පැවසු අතර මේම ගාස්තු සංශෝධනය කිසිදු පුද්ගලයෙකු සමග වෛරයකින් සිදු කරන ගාස්තු සංශෝධනක් නොවන බවද කීය.

    විදුලි බිල සංශෝධනය සිදු කරනුයේ 2023 වර්ෂයේ උත්පාදන වියදමට අනුව යන ගාස්තු සංශෝධනය සඳහා පමණක් බව කී අමාත්‍යවරයා, මෙම තීණ්දුව පෞද්ගලිකව තමන් සහ ජනාධිපතිවරයා පෞද්ගලිකවත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පෞද්ගලිකවත් දේශපාලන තීණ්දු අනුවත් විදුලි බල මණ්ඩලයේ බලධාරීන් විසින් ගත් තීරණක් නොවන බවත් මෙහි පාලන පද්ධතියක් ඇති බවත් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් , නිලධාරීන් විසින් ලබා දී ඇති සැළසුම් ක්‍රියාත්මක කිරීම සඳහා රජය හැටියට සිදුකළ මැදිහත් වීමක් බවත් පෙන්වා දුන්නේය.

    2023 වසරේ අඛන්ඩව විදුලිය ලබා දීම වෙනුවෙන් සම්පූර්ණ අවශතාවයෙන් ජල විදුලියෙන් 27% ක්ද , ගල් අඟුරුවලින් 28% ක්ද , විදුලිබල මණ්ඩලය සතු ඩීසල් සහ දැවිතෙල් බලාගාර වලින් 13% ක්ද , විදුලිබල මණ්ඩලය සතු සුළං බලාගාරයෙන් 2% ක්ද , අනෙකුත් පෞද්ගලික ඩීසල් සහ දැවිතෙල් බලාගාරවලින් 12% ක්ද, පුණර්ජනනීය ශක්තියෙන්14% ක්ද , වහළය මත සවිකර ඇති සුර්ය පැනල මඟින් 4% ක් ද ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.

    අඛන්ඩව විදුලිය ලබා දීමේ ක්‍රමවේදය යටතේ අපේ ඇති විදුලි බලාගාර සහ පෞද්ගලික විදුලි බලාගාර භාවිතා කිරීමට සිදුවන බව කී අමාත්‍යවරයා, කාලයක් පුරාවට විදුලි උත්පාදනය වෙනුවෙන් නිසි තීන්දු තීරණ නොගැනීම නිසා මේ අකාරයේ විදුලි බිල සංශෝධනයකට යාමට සිදුවන බවද පැවසීය.

    විදුලි මිල තීණ්දු කිරීමේදී යම්කිසි අකාරක සහනයක් කර්මාතශාලාවලට ලබා දීමට කටයුතු කරන බවත් අඩු ආදායම් ලාභීන් සඳහා යම් සහනක් ලබා දීමටත් විහාරස්ථාන , ආගමික ස්ථාන සඳහා සහනක්ද ලබා දෙ බව කී අමාත්‍යවරයා, එසේම කිලෝ වොට් 05 ක සූර්යබල පද්ධතියක් සෑම ආගමිකස්ථානයකයම නොමිලේ ලබා දෙන බවද කිවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya