පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කරවාගැනීමේ කාලය සංශෝධනය කෙරේ - නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (වාණිජ )

    දෙසැම්බර් 28, 2022

    ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කරවාගැනීමේ කාලය සංශෝධනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (වාණිජ) වී.එස්. පොල්වත්තගේ මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    මෙම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සමඟම මඟීන් කෙසේ ගමන් කරන්නේ ද යන්න පිළිබඳව කෙටිකාලීනව හඳුනාගත යුතු වන අතර ඒ සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ එහි සිටින ප්‍රවාහන අධිකාරියේ නිළධාරීන් සමඟ එක්ව තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බවත් හෙතෙම පැවසීය.

    එමඟින් මඟීන්ගේ තොරතුරු සහ මඟීන්ට තොරතුරු ලබා ගැනීමේ පහසුව සලසා දීමට හැකි වන අතර ආසන වෙන්කරවා ගත් දුම්රියට පැම්ණෙන මඟීන් කොපමණ ද යන්න බලා ඒ ප්‍රමාණයට අවශ්‍ය බස්රථ යෙදවීමට කටයුතු සම්පාදනය කර තිබෙන බවත් පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළ අතර එළඹෙන ජනවාරි මාසයේ සිට උතුරු දුම්රිය මාර්ගයේ ආසන වෙන්කරවා ගැනීම සති දෙකකට සීමා කළ බවත් හෙතෙම පැවසීය.

    කෙසේවුවද, දැනට ආසන වෙන්කරවා ගැනීමේ ගාස්තු වශයෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා පළවන පන්තියේ දුම්රිය ගාස්තු රුපියල් 2,400 ක් ද, දෙවන පන්තියේ ගාස්තු රුපියල් 1,700 ක් ද, මෙන්ම තුන්වන පන්තියේ ගාස්තු රුපියල් 1,200 ක් ද වේ.

    එමෙන්ම, දෙවන පන්තියේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 750 ක් වන අතර තුන්වන පන්තියේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 360

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya