මෙම පුද්ගලයා විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත වාර්තා වී තිබුණු අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවන ලදී. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවාගැනීම් සිදුකරන්නේ නම් ඒ සඳහා කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබිය යුතු වන අතර, බඳවාගැනීම සඳහා දැන්වීම් පළකරන්නේ නම් ඒ වෙනුවෙන් කාර්යාංශය වෙතින් වෙනමම අවසරයක් ලබාගෙන තිබිය යුතුවේ.