සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ලොරි රථ 10කින් ස්ථාන 10ක බිත්තර ලක්ෂ 04ක් අලෙවි කිරීමට එම සංගමය අපේක්ෂිතයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශ වන කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය, බොරැල්ල, මහරගම, දෙමටගොඩ, නාරාහේන්පිට, කොළඹ ජාතික රූපවාහිනි සංස්ථාව අසළ, රාජගිරිය, යන ස්ථානවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල, වත්තල, මීගමුව හා රාගම යන ප්‍රදේශවලත් බිත්තර අලෙවි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මීට අමතරව මෙම මස 30 දින ගාල්ල හා මහනුවර නාගරික ප්‍රදේශ තුළද බිත්තර අලෙවි කිරීම සිදුකෙරේ. විශේෂයෙන් උත්සව කාලය ඉළක්ක කරමින් ඇතැම් පිරිස් බිත්තර මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති අතර ජනවාරි 01න් පසුව බිත්තර මිල යළි සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කළේය.
කෙසේ වුවද සතියකට වරක් මෙම බිත්තර අලෙවි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතැයි ද එම සංගමය පැවසීය.
මෙම වැඩපිළිවෙළ හොඳම විකල්පය නොවන බවත් බිත්තර ලක්ෂ 10ක් පමණ වෙළෙදපොලට පැමිණීම මත බිත්තර මිල අඩු කරන්න වැඩි කළ අයට සිදුවන බවත් එහිදී දහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස බිත්තර නිෂ්පාදකයා වගේම පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම තමන්ගේ වගකීම වන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටී.
වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 65-70 දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් පාරිභෝගිකයින්ට රුපියල් 55ක මිලක් යටතේ බිත්තර අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම්වලින් පසුගියදා ඉල්ලීමක් ඉල්ලිමක් කළේය.
ඒ අනුව කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයක බිත්තර අලෙවි කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි.