රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම්වල වත්තල පිහිටි ගබඩා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ඒ අනුව අල සහ එළවළු වගාවට අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම ලංකා පොහොර සමාගමටත්, තේ වගාව සඳහා අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම කොමර්ෂල් පොහොර සමාගමටත් පවරා ඇත. මෙම පොහොර වර්ග 02 නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය. එම පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය යූරියා, MOP සහ වෙනත් සංඝටක මේ වනවිටත් එම සමාගම් සතුව පවතින බව සභාපතිවරුන් දෙදෙනා පවසා ඇත.
යූරියා බෙදා හැරීම මේ වනවිට අඛණ්ඩවම සිදුවන අතර, ගොවිජනතාවට අවශ්‍ය පොහොරවලින් 80%ක් මේ වන විටත් බෙදාහැර අවසන් කර තිබේ. එමෙන්ම MOP පොහොර ද ගොවි සංවිධානවල ඉල්ලීම පරිදි බෙදා හැරීම් කටයුතු සිදු කරමින් පවතී.
රසායනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙලේ දී ඇතැම් රජයේ නිලධාරීන් ගොවි ජනතාවට හිංසාවන අයුරින් කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති බවත්, එවැනි නිලධාරීන් සම්බන්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවත් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රජය කෙතරම් හොඳින් වැඩකටයුතු කළත්, ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාවට රජය විසින් ලබා දෙන සහන විධිමත් පරිදි නොලැබෙන බවත්, අවසානයේ එවැනි නිලධාරීන් නිසා රජයට මෙන්ම ඇමතිවරුන්ටත් ජනතාවගෙන් දොස් ඇසීමට සිදු වී තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එම නිසා මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි කෙරෙහි අවධානය යොමු කරමින් එවැනි නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර ගබඩා පරීක්ෂා කිරීමේ වැඩසටහනට අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ද සහභාගී වී සිටියේය.