විදේශ ගතවන පුද්ගලයන් විවිධ හේතු පදනම් කරගෙන තම සත්‍ය තොරතුරු වෙනස් කර ව්‍යාජ උප්පැන්න සහතික ,හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශ ගතවිමේ අවස්ථා නිතර දක්නට ලැබේ.මෙලෙස විදේශ ගතවු පුද්ගලයන් ගැටළුවලට මුහුණ දුන් අවස්ථා වාර්තා වී ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සැක සහිත හැදුනුම්පත් සහා විදේශ ගමන් බලපත්‍ර ක්ෂණිකව පරීක්ෂා කිරීමට ක්‍රමයක් මෙතෙක් කල් නොතිබුණි.සමාන්‍යයෙන් කරනු ලබන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දි සත්‍ය තොරතුරු තහවුරු කර ගැනීමයි.
අවබෝධතා ගිවිසුම අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය පරිශීලනය කිරීම සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවසර හිමි වේ.ඒ අනුව සැකසහිත පුද්ගලයින්ගේ තොරතුරු ක්ෂණිකව පරික්ෂා කිරීමට හැකි වනු ඇත.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ ,අධ්‍යක්ෂක මණ්ඩල සමාජික ජෙෆ් ගුණවර්ධන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියාණි ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තබන ලදි.