රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද( ජනවාරි 03) පැවති වසරේ ප්‍රථම කැබිනට් ප්‍රකාශ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ පලාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවේ කිසියම් අභිප්‍රායයක් ඇති බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසු අවස්ථාවේදී එයට පිළිතුරු වශයෙනි.
ආණ්ඩු පාර්ශවය වශයෙන් සිය පක්ෂයෙන්ද මේ වන විට පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සූදානම් බවත්, ඒ සම්බන්ධයෙන් අපේක්ෂකයන් සඳහා අයදුම්පත් කැඳවා ඇති බවත්, මැතිවරණ කොමිසමේ නියෝග මත සියලු කටයුතු සිදුකෙරෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.
මැතිවරණය කල් තැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු යටි අදහසක් නොමැති බවත්, සියලු මැතිවරණ නිසි පරිදි තැබීම සිය අපෙක්ෂාව බවත්, අමාත්‍යවරයා පැවසීය.