2022 වසරේ රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,316ක ආදායමක් උපයා තිබේ. ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගත තත්ත්වය මෙන්ම රට තුළ මහජනතාවගේ ආදායම් පීරිහී තිබූ කාලයක ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ ක්‍රියාත්මක වන සියලු ආයතන පාඩු ලබද්දී රාජ්‍ය දැව සංස්ථාව ආදායම් ඉපයීම මෙම සම්මානය පිරිනැමීමට හේතු වූ බව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති මහින්ද කරුණාරත්න මහතා පවසයි.
එමෙන්ම කළමනාකරණයේ විශිෂ්ටත්වය හා ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය දැව සැපයුම්කරුවා වශයෙන් කටයුතු කරන රාජ්‍ය දැව සංස්ථාව පසුගිය වසරේ නව නිර්මාණ මෙන්ම අලෙවිකරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට සම්මානය ඊයේ (02) රාජ්‍ය දැව සංස්ථාව කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයක දී රාජ්‍ය දැව සංස්ථාවේ සියලු කාර්ය මණ්ඩල වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම සිදු කරනු ලැබීය. එම සංස්ථාවේ සියලුම කාර්ය මණ්ඩලවල කැපවීම අගය කිරීම සඳහා එම සම්මානය සියලුදෙනාට පිරිනැමීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කර ඇත.
අමාත්‍යවරයා එම සම්මානය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ඇතුලු කාර්ය මණ්ඩලයට පිරිනමන ලද අතර එම අවස්ථාවට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති මහින්ද කරුණාරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා රටේ විශාල ආර්ථික අර්බුදයක් පැවැතී අවස්ථාවක රාජ්‍ය දැව සංස්ථාව ලත් මෙම ජයග්‍රහණය රාජ්‍ය අංශයේ අනෙකුත් ආයතනවලට ආදර්ශයක් බව ද සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:
පසුගිය වසරේ පැවැති ආර්ථික අර්බුදය තරම් දරුණු ආර්ථික කඩා වැටීමක් ශ්‍රී ලංකාවේ ඉතිහාසයටම වාර්තා වී නැහැ. කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග පැමිණි මෙම ආර්ථික අර්බූදය නිසා රටේ මිනිස්සු තවමත් තමන්ට අවශ්‍ය ආහාරපාන ටිකවත් හොයා ගන්නේ ඉතාමත් අමාරුවෙන්. ලී බඩුවක් මිල දී ගන්නවා තබා හාල් කිලෝවක්වත් මිල දී ගන්න බැරි පවුල් විශාල ප්‍රමාණයක් සිටින රටක රාජ්‍ය දැව සංස්ථාව මේ තරම් සුවිශාල ලාභයක් ඉපයීම ආශ්චර්යයක්.
මෙම විශිෂ්ටතා සම්මානය සියලු කාර්ය මණ්ඩලවල කැපවීම සනිටුහන් කරන සංකේතයක්. රටේ සියලු රාජ්‍ය ආයතන පාඩු පිට පාඩු ලබද්දී රාජ්‍ය දැව සංස්ථාව විශාල ආදායමක් උපයන ලද්දේ එම කාර්ය මණ්ඩලවල කැපවීම නිසයි.
රාජ්‍ය දැව සංස්ථාව ලැබූ මෙම සම්මානය සමස්ත රාජ්‍ය සේවයටම ආදර්ශයක්. ලාබ ලබන පුද්ගලික ආයතන සම්මාන පිට සම්මාන ගනිද්දී රාජ්‍ය දැව සංස්ථාව මෙම සම්මාන උළෙලේ දී සම්මාන ලැබූ එකම රාජ්‍ය ආයතනය ලෙස ඉතිහාස ගත වෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.