ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යාවේදී ගෞරව උපාධිය හිමිකරගෙන ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ආයුර්වේද රෝහල් කළමනාකරණය පිළිබඳ විද්‍යාපති පශ්චාත් උපාධිය ද හදාරා ඇත.
පදවිය ග්‍රාමීය ආයුර්වේද රෝහලේ කාර්යභාරී වෛද්‍ය නිලධාරී ලෙසත්, උතුරු මැද පළාත් ආයුර්වේද නිෂ්පාදනාගාරයේ ආරම්භක ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලෙසත්, නාවින්න බන්ඩාරණායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ ඖෂධ නිෂ්පාදනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලෙසත්, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද (ශීක්ෂණ) රෝහලේ වෛද්‍ය නිලධාරීවරයෙකු ලෙසත් සේවය කර ඇත.
එසේම ඔහු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇති අත්දැකීම් බහුල ප්‍රවීන වෛද්‍යවරයෙකි. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වැනි ආයතන වල සම්පත් දායකයකු ලෙස කටයුතු කරන ඔහු, පසුගිය කොවිඩ් වසංගත සමය තුළ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ආයුර්වේද දෙපාර්තමෙන්තුව සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දුන් සුවධරණී ප්‍රතිශක්තිකරණ වර්ධක ඖෂධීය පානයෙහි නිර්මාතෘවරායා ද වේ.