කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (2) හමු වූ වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසුවේ එදින පමණක් යාල වනෝද්‍යානයේ ආදායම රුපියල් මිලියන 11ක් ඉක්මවා ඇති බවයි.එම මුදල රුපියල් මිලියන 11,264,179.10ක් වේ.මෙම ආදායම මෙතෙක් එම වනෝද්‍යානය ලැබූ ඉහළම ආදායම බවත් ඒ මහතා පැවසීය.
විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළට පැමිණ ඇති බැවින් ඉන් බහුතරයක් දිනපතා යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීම සඳහා පැමිණෙන බව ද ඒ මහතා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
ඒ් අනුව 2022.12.23 වන දින රු.3,940,487ක් ද, 24 වන දින රු.4,136,654ක් ද, 25 වන දින රු.4,298,032ක් ද, 26 වන දින රු.5,011,064ක් ද, 27 වන දින රු.6,476,505ක් ද, 28 වන දින රු.8,190,277ක් ද, 29 වන දින රු.6,973,495ක් ද, 30 වන දින රු.8,056,954ක් ද, 31 වන දින රු.5,282,070ක් ද වශයෙන් උපයා ඇත.
එමෙන්ම මෙම වසරේ ජනවාරි 01වන දින උපයා ඇති ආදායම රු.4,708,450ක් ද, ජනවාරි 02 වන දින රු.11,264,179.10ක් ද වශයෙන් මෙතෙක් ලද ඉහළම ආදායම යාල ජාතික වනෝද්‍යානයෙන් පමණක් උපයා තිබේ.