බොරැල්ල බස්නැවතුම්පොළේ සිට මරදාන ටෙක්නිකල් හන්දිය ඔස්සේ කොටුව දුම්රිය පොළ දෙසට මෙම පාගමන පැවැත්විණ. මෙම නාට්‍ය උළෙල පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම හා ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදීම මෙහි අරමුණ වේ.
නට්‍යකරුවන්,රංග ශිල්පීන් හා ටවර් හෝල් රංගකලා පාසලේ විද්‍යාර්ථයින් ඇතුලු 300ක් පමණ පිරිසක් මෙම පාගමනට එක්විණි. දෙශීය නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා සෑම වසරකම පවත්වනු ලබන මෙම නාට්‍ය උළෙල මෙවර මේ මස (ජනවාරි ) 09 සිට 24 දක්වා ටවර් රඟහලේ හා එල්ෆනිස්ටන් රඟහලේ දි ප.ව 3.30 ත් ප.ව 6.30 පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ටවර්හෝල් රඟහල පදනම පවසයි.