ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ කොමිෂන් සභාවට බාධා කිරීමට හෝ ඔවුන්ගේ න්‍යාය පත්‍රය වෙනස් කිරීමට කිසිදු තීන්දුවක් රජය ගෙන නෑ - අධිකරණ අමාත්‍ය

    ජනවාරි 05, 2023

    මැතිවරණ පැවැත්වීම සහ එම දිනවකවානු සහ නියමිත ක්‍රමවේදය සම්බන්ධයෙන් සම්පූර්ණ බලය පැවරී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද (5) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දීමට දින ප්‍රකාශයට පත්කර තිබීම සහ එම මැතිවරණය නියමිත දිනට පවත්වනවාද සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවාද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු වලට බාධා කිරීමට හෝ ඔවුන්ගේ න්‍යාය පත්‍රය වෙනස් කිරීමට කිසිදු තීන්දුවක් රජය ගෙන නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ,

    එම වගකීම මැතිවරණ කොමිසම විසින් ස්වාධීනව ඉටු කළ යුතුයි. අපි කියන්නෙත් එයයි. තරුණ නියෝජනය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඕනෑම පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු දීර්ඝ ක්‍රියාවලියක් ඇති බවයි. ඒ සඳහා අවම වශයෙන් මාස 02ක් හෝ 02 1/2 කාලයක් ගත වන බවයි. එය නීතියක් බවට පත් වන්නේ කතානායකවරයා අත්සන් කළ දින සිට පසු බවත් ඒ වන විට මෙම මැතිවරණ ක්‍රියාවලියද අවසන් වනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් අමාත්‍යංශ උපදේශක කාරක සභාවට යනවා. යමෙකු අධිකරණයට යනවා නම් සති දෙකක කාලයක් තිබෙනවා. අධිකරණයට ඒ පිළිබඳ නියෝගයක් දෙන්න සති තුනක කාලයක් තිබෙනවා. ඔය විදියට මාස දෙකක හෝ දෙක හමාරක කාලයක් යනවා.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya