නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම බෝධි පූජා පිංකම මෙහෙයවනු ලැබුවේ කෝට්ටේ සුනේත්‍රාරාමාධිපති, කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී ඥානරතන පූජ්‍ය ඇලිකේවල සීලානන්ද නායක හිමිපාණන් වහන්සේ විසිනි.
පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් ටිකිරි කේ.ජයතිලක, සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්ම මහත්මීහු ද, පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම අනුබද්ධ කාර්යමණ්ඩලය ද මේ අවස්ථාවට සහභාගි වූහ.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය බෞද්ධ සංගමය මෙම ආශිර්වාද බෝධි පූජා පිංකම සංවිධානය කළ අතර, එහි අරමුණ පැහැදිලි කරමින් පිළිගැනීමේ කථාව එම සංගමයේ සභාපති ශාන්ත වීරරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.