අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සේවක මණ්ඩලය 2023 වසර සදහා රාජ්‍ය සේවක ප්‍රඥාව ලබාදෙමින් , වසරේ ප්‍රථම රාජකාරි ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
එම අවස්ථාවට වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති , අතිරේක ලේකම්වරු , ආයතන ප්‍රධානීන් ඇතුළු සමස්ථ සේවක මණ්ඩලය එක්වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා 2022 වර්ෂයේ මෙරට උද්ගත වූ පොහොර අර්බුදය ඇතුළු අනෙකුත් ආර්ථික දුෂ්කරතාවයනුත් , රුසියානු යුක්රේන යුද්ධය මුල්කොට ගත් ගෝලීය ආර්ථික අවගමනයත් මෙරට වැවිලි ක්ෂේත්රයේ අපනයන ආදයම අඩුකරලීමට මුල්වූ ආකාරය පෙන්වා දුන්නේය. එමෙන්ම 2022 වර්ෂය තුළ ඩොලර් බිලියන 7.7 ක් වූ ලෝක තේ වෙළදාමේ ආදයම ඊට පෙර වර්ෂයයන්ට වඩා එතරම් ප්රවර්ධනයක් නොපෙන්වා ඇති බවත් කෝපි මුල්කොට ගත් සමස්ථ ආදායම ඩොලර් බිලියන 35 සිට 42 දක්වා වර්ධනයක් ඇතිව ඇති බවත් පෙන්වා දුන්නේය.
එමගින් අමාත්‍යවරයා වැවිලි කර්මාන්ත ක්ෂේත්රයේ ඇතැම් නිෂ්පාදනයන් වෙනුවෙන් සංකෝචනය වන ලෝක වෙළෙඳපොළ තුළ අපේ නිෂ්පාදන අගය එකතුකිරීමේ ක්‍රියාදාමයන් සහිතව ඉදිරියට ගෙන යායුතුයි යන අභියෝගයත් පෙන්වා දුන්නේය. කුරුදු , පොල් , රබර් වැනි වැවිලි භෝගයන් වෙනුවෙන් ලෝක වෙළෙඳපොලේ ඇති ඉහළ විභවතාවයත් පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය දුෂ්කර කාලය තුළ අභියෝග රැසක් මැද වැවිලි කර්මාන්ත ක්ෂේත්රය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉටුකළ මෙහෙයට අමාත්‍යංශයේ සියළු සේවක මණ්ඩලයට ස්තුතිය පළ කිරීමද සිදු කළේ ය.
මෙම අවස්ථාව අමතමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේ රටට ප්රමුඛ විදේශ විනිමය උපයාදෙන ක්ෂේත්රයක් වන වැවිලි කර්මාන්ත ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වසර තුළත් සැමදෙනා එක්ව රට ගැන හිතා කටයුතු කළයුතු බවයි.
මෙහිදී අමාත්‍යංශ ලේකම් ජානක ධර්ම කීර්ති මහතාද ගෙවුණු වසරේ මුහුණ දුන් අභියෝග මෙන්ම ඉදිරි කාලයේ සැලසුම් ක්‍රියාත්මක කලයුතු ආකාරය පිළිබඳව උත්සව සභාවට පැහැදිලි කළේය.