මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මේ අතර ජනවාරි 04දායින් ආරම්භ වු ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දේශපාලන පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමට හේතුවන නැතහොත් වෙනත් පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයින් අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් නිවේදනය කරයි.
එම විධිවිධාන කඩකිරීම වසර තුනක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් එසේත් නැතිනම් මෙම දඬුවම් දෙකම ලැබිය හැකි වරදක් බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් අවධාරණය කරයි.