ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ලැබූ නිදහස වඩාත් අර්ථාන්විත කරගැනීමට,මේ රට වැඩ කරන රටක් බවට පත් කර ගත යුතුයි- ජනමාධ්‍ය අමාත්‍ය

    ජනවාරි 09, 2023

    ලැබූ නිදහස වඩාත් අර්ථාන්විත කරගැනීමට, මේ රට වැඩ කරන රටක් බවට පත් කර ගත යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    75වන නිදහස් දිනට පූර්වගාමිව පාසල් සිසුන් දැනුම්වත් කිරීම සඳහා අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම වැඩමුළුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි

    දේශපාලන නිදහස වඩාත් අර්ථවත් වන්නේ ආර්ථික නිදහස ළගා කර ගැනී තුළින් බවත් පාසල හෝ කුමන ක්ෂේත්‍රය ගත්තත් වැඩි වැඩියෙන් වැඩ කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    දරු දැරියන් නවෝත්පාදන සඳහා යොමු වෙමින් නැවුම් සහ අලුත් දේ රටට නිර්මාණය කළ යුතු බවත් රටක් වශයෙන් ඉදිරියට යා හැක්කේ ඒ තුළන් බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට එක් වූ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පැවසුවේ, වසර 2048 වන විට මේ රට සංවර්ධිත රටක් ලෙස ඉදිරියට ගෙන යාමේ වගකීම අප භාර ගත යුතු බවයි. ඒ සඳහා විනයක්, කැපවීමක් සහ හොඳ සැළැස්මක් අවශ්‍ය බවත් පක්ෂ විපක්ෂ පාට භේදයකින් තොරව සියළු දෙනා එක්ව ඒ සඳහා කටයුතු කළ යුතු බව හෙතෙම පැවසීය.

    දකුණු කොරියාව, සංගප්පූරුව වැනි රටවල් මෙන්ම අප්‍රිකානු රටවල් පවා අද විශාල දියුණුවක් ලබා ගෙන ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. අපේ රට හරි තැනට ගෙන යාමට නොහැකි වීම සම්බන්ධයෙන් අප සියළු දෙනා වග කිව යුතුයි. ඒ සඳහා මෙම දරුවන්ගේ කැපවීම අවශ්‍ය බවද අනුෂ පැල්පිට මහතා පැවසීය.

    කොළඹ සිරිමාවේ බණ්ඩාරනායක විද්‍යාලය, යසෝදරා බාලිකා විද්‍යාලය, රත්නාවලී බාලිකා විද්‍යාලය, සුසමයවර්ධන විද්‍යාලය, අසෝක විද්‍යාලය , ඩී.එස් සේනානායක විද්‍යාලය, ශාන්ත පාවුළු බාලිකා, රාමනාදන විදුහල සහ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් සිසු සිසුවියන් සියයකට අධික සංඛ්‍යාවක් සහ ගුරු මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක, හිටපු රජ්යේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya