ඇය මේ බව කියා සිටියේ අද (09) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.
2022 වසරේ වාර්තා වුණු සම්පූර්ණ ඩෙංගු රෝගීන් ගණන 76,689ක් බවද ගිය වසරේ අවස්න් කාර්තුවේ ඩෙංගු රෝගීන්ගේවැඩි වීමක් නිරීක්ෂණය කළ බවද දෙසැම්බර් මාසයේ පමණක් රෝගීන් 18,394ක් වාර්තා වුණු බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
එම මාසයේ කොළඹ, ගම්පහ, පුත්තලම සහ කල්මුණේ යන සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශ 04හි රෝගීන් වැඩි වීම වැඩි වශයෙන් නිරීක්ෂණය වුණු බවද කියා සිටි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය මෙයට ප්‍රධානතම හේතුව වනුයේ නිවාස, පාසල්, ආයතන පරිශ්‍ර ආදියෙහි මදුරුවන් බෝ වන ස්ථාන බහුලව හමුවීමත් ඒවායෙහි සිටින ජනතාව එම ස්ථාන ඉවත් කිරීමට සැලකිල්ලක් නොදැක්වීමත් නිසා බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
මදුරුවන් සඳහා දූමායනය පමණක් ප්‍රමාණවත් නොවන බවද ජලය රැඳී ඇති ස්ථාන මෙන්ම ජලය එකතු විය හැකි ස්ථානද සොයාබලා විනාශ කිරීමේ වටිනාකම ඇය පෙන්වා දුන්නේය. කොන්ක්‍රීට් ස්ලැබ් සහ වතුර ටැංකි ආදියෙහි මදුරුවන් බෝ වීම වැඩි වශයෙන් සිදුවිය හැකි බවද මදුරුවන් බෝ විය හැකි ස්ථාන සතියකට වරක් හෝ සොයා බලා විනාශ කිරීම වැදගත්බවද ඇය අවධාරණය කළාය.
විශේෂයෙන්ම යම් පුද්ගලයෙකුට උණ සෑදී දෙවන දවසේ වෛද්‍ය උපදෙස් ලබාගනිමින් අදාළ පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.