ජනමාධ්‍ය අමාත්යවරයමේ බව සඳහන් කරනු ලැබූයේ 75 වැනි නිදහස් දිනයට පූර්වගාමීව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබු පාසල් සිසුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහනට සහභාගී වෙමිනි. එය (09) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
"එක්දහස් නවසිය හතලිස් අටේ අපට නිදහස ලැබිල අවුරුදු 75ක්. නිදහස කියන වචනයේ තේරුම අපි නිවැරදිව අවබෝධ කරගත යුතුය. 1815 කන්ද උඩරට ගිවිසුම හරහා බ්‍රිතාන්‍යයට රට බාර දුන්නා. එදා සිට කන්ද උඩරට වැසියන් එය රට පාවා දීමක් ලෙස සැලකුවේ නැහැ. රට බ්‍රිතාන්‍යයට බාරදෙන අවස්ථාවේ කොබ්බැකඩුව මහනායක හාමුදුරුවන් කළ කතාවෙන් බ්‍රිතාන්‍යයන් කෙරෙහි තැබූ විශ්වාසය පැහැදිලි වෙනවා. නමුත් රටේ බහුතරය අදටත් විශ්වාස කරන්නේ එය රට පවා දීමක් හැටියටයි. එහෙම තමයි එය සැලකිය යුත්තේ".
"බ්‍රිතාන්‍යයන් රට යුද්ධ වලින් පාලනය කරනවා වෙනුවට තේ හරහා ආනයන අපනයන ආර්ථිකයක් ගොඩනගනු ලැබුවා. අපේ ඉතිහාස උරුමයන් වෙනසකට ලක්කිරීමට කටයුතු කරනු ලැබුවා. ඔවුන්ගේ සිතුම් පැතුම් චාරිත්‍ර වාරිත්‍ර වලට ගැලපෙන පැලැන්තියක් ලාංකීය සමාජය තුල නිර්මාණය කරනු ලැබුවා. ආයුධ වෙනුවට ලංකාවේ සාමාන්‍ය වෙනස් කිරීමට ඔවුන් විවිධ උපාය, උපක්‍රම භාවිත කරනු ලැබුවා. මෙම තත්වයන් පුළුල් අවබෝධයක් සහිතව, අවබෝධයෙන් යුක්තව ලාංකිකයන්ට සිදුවන අගතිය තුන්කල් දක්නා නුවනින් පෙන්වා දෙනු ලැබුයේ අනගාරික ධර්මපාල බව මගේ විශ්වාසයයි. "
"රටක දියුණු ජාතියක් බිහි වීමට නම් අලුත් අලුත් දේ නිර්මාණය විය යුතුයි. නව උත්පාදන ඇතිවිය යුතුයි. මේ සදහා පාසල් අධ්‍යාපනයේ සිටම ආකල්පමය වෙනසක් වගේම තාක්ෂණික අවබෝධයක් ඇතිවීම අවශ්‍ය වෙනවා. අපේ අලුත් පරම්පරවේ දරුවන් විශේෂ දක්ෂතා හැකියාවන් තිබෙන බව රටටත් ලෝකයටත් ඔප්පු කර පෙන්වා තිබෙනවා. මෙම තත්වය වඩාත් ඉහලට ඔසවා තැබීමේ අරමුණින් තමයි මම අධ්‍යාපන ඇමතිවරයකු වී සිටියදී තාක්ෂණ විෂයන් අධ්‍යාපන විෂය මාලාවට ඇතුලත් කළේ. ඒ හරහා නව ලෝකයට ගැලපෙන දැනුම් සම්භාරයක් සහිත දරු පරම්පරාවක් බිහි කිරීම තමයි අපේ අපේක්ෂාව උනේ."
"නිදහස කියන වචනය ඇතුලේ පුළුල් අර්ථයක් හම්බ වෙලා තියෙනවා. රටක දේශපාලන නිදහස ශක්තිමත් වීමට නම් ආර්ථික නිදහස ඇතිකර ගැනීම අවශ්‍ය වෙනවා. දැනුමෙන් සන්නද්ධව රටේ ජනතාවට ආදරය කරන දේශපාලඥයින් මේ සිසු දරුවන් අතරින් බිහිවෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා"
ජනමධ්‍ය අමාත්‍ය ලේකම් අනුෂ පැල්පිට මහතා.
"අපේ රටට නිදහස ලැබිල වසර 75ක කාලයක් අපි ගත කරලා තියෙනවා. නමුත් අවසානයේ මොකක්ද වෙලා තියෙන්නේ? සමස්ත රටම බංකොලොත් වෙලා තියෙන්නේ. දැන් මොකද අපි කල යුත්තේ රට ඉදිරියට යන්න? සියලු දෙනාම සියළුම බේද අත්හැරලා වැඩ කල යුතුයි. යුද්ධයකට මුහුණදුන් ජපානයත් අද කොතැනද තියෙන්නේ. කිසිම භෞතික සම්පතක් නැති සිංගප්පූරුව අද කොහෙද තියෙන්නේ. දකුණු කොරියාව කොහෙද නතරවෙලා ඉන්නේ. ඉස්සර අපි පැල්පත් ගොඩාක් එකට තියෙන තැන්වලට කිව්වේ කොරියාව කියලා.ඉතියෝපියාව වැනි දරුණු සංහාරයන්ට පවා ලක්වුණ රටවල් ලබා ඇති දියුණුව දෙස බලන විට අපි කොතනද ස්ථානගත වෙලා ඉන්නේ කියද්දී අපි සිහිබුද්ධියෙන් කල්පනා කල යුතුයි. අපේ රටට මෙහෙම වුනේ ඇයි කියන ප්රශ්නයේදී දේශපාලඥයන්ට පමණක් බැනල වැඩක් නැහැ.රට වැසියන් ලෙස අපි සියලු දෙනාටත් රටට ඇති වූ ඉරණමට අදාළ වගකීම පැවැරෙනවා. දැන් මෙතන ඉන්න දරුවන් තමයි 2048 දී මේ රටේ අනාගතය භාරගන්න ඉන්න පරම්පරාව. මේ තත්ත්වය වෙනස්වීමට නම් සිදු වූ දේ පිළිබඳව අධ්‍යයනයක්, හැදෑරීමක් අවශ්‍ය වෙනවා. අද අපි සියලු දෙනා ජාතින් ලෙස බෙදිලා ආගමික වශයෙන්, කුල වශයෙන් බෙදිලා. ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිතන්න පුලුවන්නම් එකට කරන්න පුලුවන්නම් තව අවුරදු 10 ක් යනකොට රට ගොඩ ගැනීම අමාරුදෙයක් නොවන බව මා විශ්වාස කරනවා.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා
අපි නිදහසේ 75 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ සැබෑ නිදහස පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පැමිණි ඔබ සැමදෙන ගෞරවයෙන් පිළිගනු ලබනවා. රටේ සියවැනි නිදහස සමරන වසර වනවිට රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන් තමයි අද මෙතන සිටින්නේ. රටක නිදහසේ තිබෙන අහස සහ එම රටේ තිබෙන්න වූ ඓතිහාසික වටිනාකම සංස්කෘතිය, භාෂාව, මේ ආදී සියල්ල පිළිබඳ දරුවන් දැනුවත්වීම අවශ්‍ය වෙනවා. එවිට තමයි විනයගරුක සමාජයක් ගොඩ නැගීම කළ හැකි වන්නේ.රටේ ගෞරවනීය පුරවැසියන් බිහි කිරීමේ අරමුණු සහිතව 75 වැනි නිදහස් උත්සවයට සමගාමිව පැවැත්වෙන මෙම වැඩ සටහනට සපැමිණි ඔබ ගෞරවයෙන් පිළිගනු ලබනවා.
මෙම උත්සව සභාවෙන් අනතුරුව “නිදහස් අනාගත අභියෝග සහ අපගේ වගකීම” යන මැයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විදෙස් විත්ති විචාරක ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශක මොහාන් සමරනායක මහතාද, ශ්‍රී ලංකාවේ නිදහසේ ගමන්මග යන මැයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාද දේශනා පවත්වනු ලැබූහ.
මෙම අවස්ථාවට පාසල් සිසුන්, ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව