ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති රාජකාරි අරඹයි

    ජනවාරි 10, 2023

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් ඒ.ඒ.එම්.හිල්මි මහතා (09 දින) නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.

    ඒ මහතා මෙයට ඉහත දී ද කාර්යාංශයේ සභාපති තනතුර හොබවමින් මැනවින් සේවය ඉටුකිරීමට දායක වූවෙකි.

    බහුමාධ්‍ය පරිගණක තාක්ෂණය පිළිබඳව එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂර් විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙකු වන හිල්මි මහතා ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. මෙයට අමතරව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂක තනතුර ද දරා ඇති අතර, එස්.එම්.ඒ.අසීස් බ්‍රදර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුද වේ. එයට අමතරව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කළමනාකරණය හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 10ක කැපී පෙනෙන වෘත්තිකයෙක් ලෙස ද කටයුතු කර ඇත.

    මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ශ්‍රS ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් සහ කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya