ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    වසරක් ඇතුළත නැගෙනහිර පළාතේ දියර කිරි නිෂ්පාදනය දෙගුණ කෙරේ

    ජනවාරි 10, 2023

    නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් එක් ලක්ෂ හැට හතර දාහක් දක්වා වර්ධනය වි ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    මීට වසරකට පමණ පෙර එම නිෂ්පාදන අගය වාර්තා වූයේ ඉහත සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි. පළාතේ පශු සම්පත් කටයුතු වඩා ඵලදායී ලෙස සිදු කිරීම නිසා මෙම දෛනික කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට හැකි වූ බවද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

    නැගෙනහිර පළාතේ ගවයන් නිදැල්ලේ හැරීමෙන් වන හානිය අවම කිරීම සඳහා “තිරසාර කිරි ගොවිපල “ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන පනස් දෙකක් වැය කරමින් ආදර්ශ කිරි ගොවිපලවල පිහිට වූ බවද ආණ්ඩුකාරවරිය පෙන්වා දුන්නාය. එම එක් ගොවිපලක්

    සඳහා බයෝ ගෑස් පද්ධතියක්, ගව ගාලත් , කාබනික පොහොර නිෂ්පාදන ඒකකයක්, ගව ආහාර සඳහා තණකොල වගා කිරීමට සුදුසු ඉඩමක්, වැසි ජලය ඒකරාශී කරගැනීම සඳහා වන ඒකකයක් ද ඇතුළත් වේ.

    ඊට අමතරව මෙම තිරසාර කිරි ගොවිපලවල් ආදර්ශයට ගනිමින් සෙසු ගොවීන්ද මෙම නව ක්‍රමයට ඇතුළත් කරගැනීම සඳහා පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහන් රාශියක් දියත් කර තිබේ. මේ අතර ත්‍රිකුණාමලය උප්පුවේලි පිහිටි රජයේ ගොවිපලේ ආදර්ශ බයෝ ගෑස් නිෂ්පාදනාගාරය ඉදිකිරීම සඳහාද රුපියල් මිලියන තිස් දෙකක මුදලක් වැයකිරීමට ආණ්ඩුකාරවරිය කටයුතු කළාය.

    ඊට අමතරව පළාතේ දියර කිරි නිෂ්පාදන ධාරිතාව ඉහල දැමීම සඳහා ගවයන්ගේ ජාන වැඩිදියුණු කිරීමේ විශේෂ ක්‍රමවේදයක්ද පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති බව (ඊයේ -9) පෙරවරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති විශේෂ හමුවකදී අණාවරණය විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya