ඒ සම්බන්ධයෙන් පවත්වනු ලබන සංවත්සර මහෝත්සවය 2023 ජනවාරි මස 12 වන දින පස්වරු 03.00 ට රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයෙහිදී ඉතා චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම සංවත්සර මහෝත්සවය මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතාගේ සහ සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතය එය දිවයින පුරා විසිරී සිටින සුරාබදු නිලධාරීන්හට නැරඹිය හැකි වනසේ මුහුණු පොත මගින් සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුවක් වන ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මේ වනවිට රාජ්‍ය බදු කළමනාකරණ ආයතන අතුරින් තුන්වන ස්ථානය හිමිකර ගෙන සිටින 'ඒ' ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවකි. එම දෙපාර්තමේන්තුව 2022 වසරේදී රුපියල් බිලියන 17 ක බදු ආදායමක් මහා භාණ්ඩාගාරයට එකතු කරදීමට සමත් වූ අතර, එය එම වසර සඳහා වූ බදු ආදායම් ඉලක්කයෙන් 92% කි. 2023 වසර සඳහා රුපියල් බිලියන 217 ක බදු ආදායමක් සුරාබදු සහ දුම්කොළ බදු වශයෙන් මහා භාණ්ඩාගාරයට එකතු කරදීම දෙපාර්තමේන්තුවේ ඉලක්කයයි.
ශ්‍රී ලංකාව පුරා පිහිටි සුරාබදු ස්ථාන 58 කින්, මත්පැන් නිෂ්පාදනාගාර ආශ්‍රිතව පිහිටි සුරාබදු එකක 27 කින්, සුරාබදු ප්‍රාදේශීය විශේෂ මෙහෙයුම් ඒකක 04 කින්, සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයකින්, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාන්ශකින්, හා 1913 සුරාබදු මෙහෙයුම් මැදිරියකින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ශාඛා ජාලය සමන්විත වෙයි.
එම ශාඛා ජාලය පාලනය කිරීම සඳහා සුරාබදු අධිකාරී කාර්යාල 31ක් සහ සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාල 13ක් පිහිටුවා ඇති අතර ඒවා සුරාබදු මූලස්ථානය යටතේ ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 1200 කින් සමන්විත වන අතර, ඉන් බහුතරය වන 1000 ක් පමණ සමන්විත වන්නේ නිල ඇඳුම් කාර්ය මණ්ඩලයට අයත් සුරාබදු නිලධාරීන්ගෙනි.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන රාජකාරීන් වන්නේ; මද්‍යසාර හා දුම්කොළ කර්මාන්තයන් නියාමනය කිරීම, සුරාබදු නීතිය, දුම්කොළ නීතිය, හා මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීම හා එම ක්ෂේත්‍රයන් ආශ්‍රිත සමාජ ආරක්ෂණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම වේ.
ඒ අනුව සියලුම සුරාබදු සහ දුම්කොළ බලපත්‍ර ලත් ස්ථාන අධීක්ෂණය හා නියාමනය ඇතුළු සමස්ත මද්‍යසාර හා දුම්කොළ සැපයුම් දාමයන් නියාමනය කිරීමත්, සුරාබදු ආඥා පනත, දුම්කොළ බදු පනත, අන්තරාදායක ඖෂධ ආඥා පනත හා NATA පනත බලාත්මක කිරීමත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ සමාජ ආරක්ෂණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමත් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.