මුදල් රාජ්‍ය අමාත්‍යංශය විසින් ජනවාරි 09දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් සනාථකර ඇත.
අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ ඊට අදාළ චක්‍රලේඛය මෙම සතිය තුළ නිකුත් කරන බවයි.
උපයන විට බද්ද පනවා ඇත්තේ කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබා ගන්නා පුද්ගලයන් විසින් රජය වෙත ගෙවිය යුතු බද්දක් ලෙස වන අතර ඇතැම් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මගින් එම බද්ද ගෙවීමේ සිදු වීම් මීට පෙර වාර්තා වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එහෙත් රට වර්තමානයේ පවතින තත්ත්වය තුළ මෙවැනි අක්‍රමිකතාවලට ඉඩ තැබිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.