ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග කිහිපයක් පාලනයට වහාම පියවර ගන්නැයි උපදෙස්

    ජනවාරි 10, 2023

    දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග කිහිපයක් පාලනයට වහාම සුදුසු පියවර ගන්නා ලෙසත්, ඒ අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සුදානම් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, ඊයේ (9)කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමිනි.


    මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය වැනි රෝග කිහිපයක් පැතිර යයි. වී වගාව ආශ්‍රිතව මෙම රෝග මේ වනවිට දිස්ත්‍රික්ක හතරක පමණ දක්නට ලැබෙන බැවින් එම රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මේ වනවිටත් සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා එහිදී සදහන් කළේය.

    මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ නිලධාරි කණ්ඩායම් ඒ ඒ දිස්ත්‍රික්කවලට යවා ඇති තිබේ. ඔවුන් රෝග පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධවත්, නිර්දේශ කරනු ලබන කෘමිනාශක පිළිබඳවත් ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද ලේකම්වරයා පැවසීය.

    මෙම රෝග තත්ත්ව පාලනය සඳහා සියලු පාර්ශ්ව කැදවා වහාම සාකච්ඡාවක් මෙම සතිය තුළ පැවැත්වීමට ද අමාත්‍යවරයා යෝජනා කළේය. එමෙන්ම මෙම කටයුතු සදහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    විශේෂයෙන් මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා රජය සෑම උත්සාහයක්ම දරන බව කී අමාත්‍යවරයා වී වගාව හා බඩඉරිඟු වගාවේ සාර්ථකත්වය මත මෙම වසරේ ආහාර හා පෝෂණ ඌණතා වළක්වා ගැනීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම රජයේ අරමුණ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya