රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (ජනවාරි 01) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකට එකතු වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට අප සතුව විදේශ සංචිත නොමැතිවීමත්, විදේශ විනිමය නොමැතිවීමත් හේතුවෙන් විදේශ රටවලින් ණය හා අනෙකුත් ලැබීම් නොලැබුනහොත් රට ඉදිරියට ගෙනයා නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බවත්, එම නිසා දේශපාලන වශයෙන් ඇත්තේ ඇත්තේ රට වෙනුවෙන් පෙනීසිටින කඳවුරත් දේශපාලනය වෙනුවෙන් පෙනීසිටින කඳවුරත් යන කඳවුරු දෙක පමණක් බවත්, අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “රටවෙනුවෙන් පෙනීසිටින කඳවුරේ සියලු දෙනා එක්කරගෙන මහජනතාව වෙනුවෙන් මේ රටේ දිශානතිය බේරාගැනීමේ ප්රතිපත්තියයි මේ මොහොතේ සියලු දෙනාම එක්ව ක්‍රියාත්මක කළ යුතු වන්නේ.” යනුවෙන් පැවසීය.