ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ආයුර්වේද සමීක්ෂා ශාස්ත්‍රීය ග්‍රන්ථය, වෙබ් අඩවිය සහ "වෙදවරු" ජංගම දුරකථන යෙදවුම දේශීය වෛද්‍ය ක්‍රමය ලෝකයට ගෙනයාමට මහඟු පිටිවහලක්

    ජනවාරි 11, 2023

    ආයුර්වේද සමීක්ෂා ශාස්ත්‍රීය ග්‍රන්ථය, වෙබ් අඩවිය සහ "වෙදවරු" ජංගම දුරකථන යෙදවුම දේශීය වෛද්‍ය ක්‍රමය ලෝකය ඉදිරියට ගෙනයාමට මහඟු පිටිවහලක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා  පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ, ඊයේ (10)   ''වෙදවරු'' නම් ජංගම දුරකතන යෙදවුම, ආයුර්වේද සමීක්ෂා නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ වෙබ් අඩවිය ජනගත කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමිනි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, නවීන තාක්ෂණය, නවීන දැනුම මත අද ලෝකය ඉදිරියට ගමන් කරන යුගයක අප ජීවත් වන බවයි.

    එහිදී දේශීය වෛද්‍ය ක්‍රම මෙන්ම අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයද දේශීය වෛද්‍ය ක්‍රම වලට අනුගත වෙමින් ඉදිරියට යාමේ අවශ්‍යතාවයද හඳුනාගනිමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මෙම වැඩපිළිවෙලවල් ත්‍රිත්වය ක්‍රියාවට නැංවූ බව සඳහන් කළාය.

    මෙය යුගයේ කාලීන අවශ්‍යතාවයක් ලෙස කියා සිටි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විශේෂයෙන්ම මෙමගින් අපගේ දේශීය වෛද්‍යවරුන් පිළිබඳව මෙරට ජනතාවට මෙන්ම විදේශිකයන්ට පවා හඳුනාගැනීමටත් රෝගයන්ට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය අවස්ථාව සලසාගැනීමටත් හැකි බව පැවසුවේය.

    මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය තුළින් අපගේ දැනුම ලෝකයාට ගෙනයාමට අවස්ථාවක් සැලසෙන බවද, ඊට අමතරව හඳුන්වාදුන් ආයුර්වේද ඖෂධ සංග්‍රහය වෙබ් අඩවිගත කිරීම මගින් ඕනෑම කෙනෙකුට අපේ රටේ ඇති බෙහෙත් ද්‍රව්‍ය, ඖෂධ පිළිබඳ නිපුණත්වය, ඒවායෙහි අමුද්‍රව්‍ය, ප්‍රතිකාර ක්‍රම පිළිබඳව වඩාත්හොඳින් නිවැරදිව දැනගැනීමට හැකිවන අතරම මෙය ඉතාමත් හොඳ කාලෝචිත වැඩපිළිවෙලක් බවද ලේකම්වරයා කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya