මැතිවරණ කොමිසමේ අද(ජනවාරි 11දා) මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ තීරණ සම්බන්ධයෙන් වාර්තා වූ මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් පුංචිහේවා මහතා පැවසුවේ, අද(ජනවාරි 11) පැවති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීම තුළදී මැතිවරණ ප්‍රචාරණය සිදුකිරීම, මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාම ඇතුලු මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත්, ඒ සම්බන්ධයෙන් වන සියලු නීති රීති පිළිබඳව පක්ෂ ලේකම්වරුන් දැනුම්වත් කළ බවත්ය.
එමෙන්ම මැතිවරණය තුළදී මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් වනමාධ්‍ය උපමාන මාධ්‍ය වෙත මේ වන විට දැනුම් දී ඇති බවත්, මැතිවරණ තත්වයකදී රාජ්‍ය සේවකයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් මේ වන විට දැනුම්වත් කර ඇති බවත්, මැතිවරණ කොම්සමේ සභාපතිවරයා පැවසීය.
මීට අමතරව මැතිවරණය තුළදී දැනට පළාත්පාලන ආයතන සභිකයන් ලෙස ක්‍රියාකරන අය සිය වරප්‍රසාද උපයෝගී කරගෙන මැතිවරණ ප්‍රචාරණයෙහි යෙදීම වැළැක්වීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බවත්, එවැන්නක් වාර්තා වුවහොත් ඒ පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.