මෙම විද්වත් කමිටුව අදාළ ක්ෂේත්‍රය පිළිබදව දේශිය හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් දැනුමක් සහ අවබෝධයක් ඇති විද්වතුන් 40 දෙනෙකුගෙන් සමන්විතවිය.
මහාචාර්ය අජිත් ද අල්විස් මහතා සහ මහාචාර්ය ප්‍රිශාන්ති ගුණවර්ධන මහත්මිය මෙම විද්වත් කමිටුවේ සම සභාපතිවරුන් ලෙස කටයුතු කළ අතර, දැනටගිනිබත්ව ඇති නෞකාව ඉවත් කිරීමට කටයුතු කළහොත් එහි අප ද්‍රව්‍ය මුහුදු ජලය සමග එක්වීමේ අවධානමක් පවතින බවත්, ඒ හේතුවෙන් මුහුදු ජීවීන්ටහා පැලෑටිවලට හානි සිදුවිය හැකි බවත් විද්වත් කමිටුව මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම සිදුවීමෙන් වු හානිය සදහා වන්දි ලබාදීමේදී ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන ලෙසත්, ඉදිරි කටයුතු සදහා විද්වත් කමිටු වාර්තාව නීතිපතිවරයාවෙත යොමු කිරීමට පියවර ගන්නා බවත්, අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, අධිකරණඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනී ලහදපුර, යන මහත්ම මහත්මීන්, අධිකරණඅමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු විද්වත් කමිටු සාමාජිකයින් මෙම අවස්ථාවට එක් විය.