ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි වසර 25 සඳහා නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළි‍‍වෙළ සමඟ 75 වන නිදහස් දින සැමරුමට රජය සූදානම්

    ජනවාරි 12, 2023

    ඉදිරි වසර 25 සඳහා නොවෙනස්වන, නව ප්‍රතිසංස්කරණවාදී ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම 75 වන නිදහසට සමගාමීව ආරම්භ කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    75 වන නිදහස් දින සැමරුම් උළෙළ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (12)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ , සියළු ජාති සහ ආගම් වලට අයත් සෑම දෙනෙක්ම රටේ උන්නතිය වෙනුවෙන් එක් කර ගැනීම මෙවර නිදහස් දින උළෙලේ බලාපොරොත්තුව බවයි.

    මෙවර ජාතික නිදහස් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 04 දින ගාලුමුවදොරදී පැවැත් වීමට සැළසුම් යොදා තිබේ. නමෝ නමෝ මාතා - සියවසකට පියවරක් යන්න මෙවර නිදහස් දින උළෙලේ තේමාව වේ.

    නිදහස් දින පෙළපාලිය , මේජර් ජනරාල් දීපාල් පුස්වැල්ලගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත් වෙන අතර, පැය එක හමාරක් පුරා මෙම උත්සවය පැවැත් වේ.

    යුධ, ගුවන්, සහ නාවික හමුදා සහ පොලිසිය නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා සෙබළු 6012ක් මෙවර නිදහස් දින උළෙළට සහභාගී වේ.

    සන්නද්ධ රථ 320ක් ආචාර පෙළපාළිය සඳහා සහභාගී වේ. මෙවර නිදහස් දින උළෙලේ තවත් විශේෂත්වයක් වන්නේ ජනාධිපතිවරයා විසින් ජාතිය ඇමතීම ගාලු මුවදොරද පැවැත් වෙන උත්සවයේදී නොව එදින සවස්වරුවේ පැවැත් වීමයි.

    නිදහස් දින උළෙලට සමගාමීව, නිර්මාණ තරගාවලි, සංස්කෘතික උළෙල මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් ෙමිලියන 10ක් සඳහා සහණ සැළසීම සිදු කෙරේ. රට සංවර්ධනය කරා යාමේ මූලික අඩිතාලම අනෝන්‍ය විශ්වාසයයෙන් යුතු විය යුතු බවත්, සියළු දෙනා එක්ව එක මවකගේ දරුවන් ලෙස නැගිටිය යුතු බවත් ඒ සඳහා 75වන නිදහස් දින උළෙල අවස්ථාවක් කර ගත යුතු බව මෙම අවස්ථාවට එක් වූ ප්‍රමිත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට සහභාගී වූ අභ්‍යන්තර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ, නිදහස් දින උත්සවයට සමගාමීව ආගමික වතාවත් පෙබරවාරි 02 දින ශ්‍රී දළදා මාළිගාවේදී ආරම්භ කෙරෙන බවයි.

    පෙබරවාරි 03 දින රාත්‍රියේදි දිවයිනේ සියළුම ආගමික ස්ථාන වල පොල් තෙල් පහන් හෝ ඉටිපහන් 75ක් දල්වමින් ආශිර්වාද කරන බවයි. තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනතාවට වන්දනාමාන කිරීම සඳහා දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමද සිදු වේ. මෙවර නිදහස් දිනයේදී අඩු ආදායම්ලාභී නිවාස නොමැති පවුල් 1996ක් සඳහා නිවාස ඉදිකර දීමේ වැඩසටහනක් සහ අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් සහල් කිලෝ මිලියන 02ක් ලබා දීමේ වැඩසහටනක්ද ක්‍රියාත්මක වේ.

    නිදහස් දින උත්සවයේ අසිරිය ජනතාවට දැක බලා ගැනීමේ පහසුකම් සළසමින් කොල්ලුපිටිය සහ ගාලුමුවදොර මංසන්ධිය දක්වා වැඩපිළිවෙළක් සකස් කර ඇත.3200කට ආසන්න ප්‍රමාණයක් උත්සව සඳහා ආරාධනා ලබා තිබේ.

    මෙම අවස්ථාවට එක් වූ උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසුවේ එළඹෙන 4 වන දා සිට ආරම්භ වන නව ප්‍රතිසංස්කරණ වාදී වැඩපිළිවෙළ ගොඩනැගීම සඳහා නව කොමිෂන් සභා 02ක්,නව පනත් 09ක් , විශ්ව විද්‍යාල 03ක් සහ තවත් ආයතන 04ක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya