ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    අගතිගාමී අයුරින් හැසිරෙන අය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

    ජනවාරි 12, 2023

    ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ලබාදී ඇති බලය අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බවත්, මැතිවරණයට අගතිගාමී වන අයුරින් හැසිරෙන අය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මැතිවරණ කොමිෂමේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පවසයි.

    මැතිවරණය සහ මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව පැතිරීයන සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ ජනවාරි 11 දා පැවති පුවත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පැවසුවේ මැතිවරණ තේරීම් භාර නිලධාරීන් පත්කරනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බවත්, මැතිවරණ තේරීම් භාර නිලධාරීන් වගකීමට බැඳී සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාවට හෝ අධිකරණයට පමණක් බවත්, ඔවුන්ට බලපෑම් කරන්නට කිසිවකුට හැකියාවක් නොමැති බවත්ය.

    එමෙන්ම දැන් එළඹ ඇත්තේ මැතිවරණ කාලසීමාවකට බැවින් මැතිවරණයට අගතිගාමී වන අයුරින් පුවත් පළකරන අයවලුන් සම්බන්ධයෙන්ද තරතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, රජයේ හෝ පෞද්ගලික මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් මාධ්‍ය උපමාන නිකුත් කර ඇති තත්වයකදී මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන සියලු ආයතන එම උපමානවලට බැදී සිටින බවත්,මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya